IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉන්දියාව අන්තර්ජාල චන්ද්‍රිකා 36 ක් උඩ යවයි

ඉන්දීය අභ්‍යවකාශ ආයතනය අන්තර් ජාල චන්ද්‍රිකා 36 ක් සාර්ථකව පෘථිවි කක්ෂයට යැවීය. මෙම චන්ද්‍රිකා 36 මහා බ්‍රිතාන්‍යයේ ‘වන් වෙබ්’ සමාගමට අයත් අන්තර් ජාල සේවා සැපැයුම් චන්ද්‍රිකා බව පැවැසෙයි.

ඉන්දියාවේ නිෂ්පාදිත එල්.වී.එම්. 3 වර්ගයේ රොකට්ටුවේ ආධාරයෙන්, අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘සාතිෂ් දවාන්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් රොකට්ටුව උඩුගුවනට යැවීම සිදුවූයේ ඉරිදා අලුයම 12.07 ටය.

විදෙස් සමාගම්වලට අයත් චන්ද්‍රිකා පෘථිවි කක්ෂයට ගෙන ගොස් රැඳවීම ඉන්දීය අභ්‍යවකාශ ආයතනය මැදිහත් වීමෙන් වසර ගණනක් තිස්සේ සිදුවෙයි.

‘වන් වෙබ්’ සමාගම මෙම චන්ද්‍රිකා 36 උඩු ගුවනට යැවීමට නියමිතව තිබුණේ මීට මාස කීපයකට පෙරය. එය ප්‍රමාද වූයේ රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දියාව අන්තර්ජාල චන්ද්‍රිකා 36 ක් උඩ යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site