IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දියානුවන්ට ස්පුට්නික් 5 දීම ඇරඹේ

ඉන්දියාව එරට වැසියන්ට රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත ලබාදීම අද (14) ආරම්භ කළේය.

රුසියාවෙන් ආනයනය කරන ලද ‘ස්පුට්නික් V’ මෙලෙස එරට වැසියන්ට ලබාදෙන අතර ඉන්දියාවේ ඖෂධ සමාගමක් වන ‘ඩොක්ටර් රෙඩ්ඩීස්’ සමාගමේ මූලිකත්වයෙන් මෙම එන්නත ලබාදෙයි.

මෙම එක එන්නත් මාත්‍රාවක් ඉන්දීය රුපියල් 948ක් ලෙස මිල කර තිබෙන අතර ඊට එරට භාණ්ඩ හා සේවා බද්ද ද එකතු වේ. මෙම බදු අගය එන්නත් මාත්‍රාවේ මිලෙන් සියයට පහක් වේ.

ඒ අනුව එන්නත මිලක ඉන්දීය රුපියල් 955.40කි. කෙසේ නමුත් ‘ස්පුට්නික් V’ එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට සූදානම් අතර එලෙස නිෂ්පාදනය කළ පසු එන්නතක මිල මීට වඩා අඩුවනු ඇතැයි පැවසේ.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත සියයට 91.6ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අතර එම එන්නතෙන් ද මාත්‍රා දෙකක් ලබා දිය යුතු ය.

(ඉන්දියා ටුඩේ)



අදහස් (0)

ඉන්දියානුවන්ට ස්පුට්නික් 5 දීම ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site