ඉන්දුනීසියාවේ ජනපති ජොකෝ විඩෝඩෝගේ නැවත පත්වීමට එරෙහිව මහජනතාව වීදි බැස විරෝධතාවයේ යෙදුන අතර මෙහිදී ඇතිවූ ගැටුම් වලින් හය දෙනකු මියගොස් 200ක පමණ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තොරතුරු සනාත කරන ජකර්තා ආණ්ඩුකාරවරයා පවසන්නේ මරණ පරීක්ෂණ පවත්වා මොවුන් මියයෑමට හේතුව කුමක්දැයි සොයාගතයුතු බවයි.
කෙසේවුවද පොලිසිය පවසන්නේ මියගිය සංඛ්‍යාව තහවුරු කිරීමට නොහැකි වුවත් කිහිපදෙනකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමග ජකර්තා අගනුවරින් ඊයේ(21) සාමකාමීව විරෝධතා ආරම්භ වී ඇති නමුත් පසුව ප්රචණ්ඩ ක්‍රියා වර්ධනය වූ බව පොලිසිය පවසා ඇත. වාහන විශාල සංඛ්‍යාවක් ගිනිතබා ඇති බවද සඳහන් වේ.
ප්රචණ්ඩ ක්‍රියා සිදුකිරීම හේතුවෙන් පුද්ලයන් 69දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි. ඉන්දුනීසියානු මැතිවරණ කොමිසම අඟහරුවාදා ප්‍රකාශ කලේ විඩෝඩෝ ඡන්ද 55.5%ක ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ බවයි.
ඔහුගේ ප්‍රතිවාදියා වූ ප්‍රබෝවෝ මෙම ප්‍රතිඵලය සාවද්‍ය බව පවසමින් ප්‍රතික්ෂේප කළේය. පසුගිය අප්‍රේල් 17 වනදා මැතිවරණය පැවැතිවිණ.
කෙසේවුවද මේවනවිට ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක සමාජ ජාලා අඩවශයෙන් අවහිර කිරීමට රජය පියවර ගෙන ඇත. ව්‍යාජ පුවත් සංසරණය වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත්බව ආරක්ෂක අමාත්‍යවරයා පවසා සිටියි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දුනීසියා විරෝධතාවේ ගැටුමෙන් 6ක් මරුට - 200කට තුවාල