
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි සෙමෙරු ගිනි කන්ද පුපුරා යෑමෙන් දුම් රොටු සහ අළු අහසට විහිදීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.
බලධාරීන් පවසනුයේ කිලෝමීටර් 6.5ක් පමණ උසට දුම් රොටු ගමන් කරන බවයි.
මෙතෙක් කිසිදු හානියක් වාර්තා වී නොමැති අතර ඉවත් කිරීමේ නියෝග ද නිකුත් කර නොමැත.
කෙසේවුවද කඳුකර බෑවුම් වල වෙසෙන ගම්වැසියන්ට ගිනි කන්දේ ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ආපදා කලමණාකරන ඒජන්සිය අනතුරු අඟවා තිබේ.
ඉන්දුනීසියාව පැසිෆික් සාගරයේ භූ කම්පන වලල්ලක පිහිටා ඇති නිසා නිරන්තර ගිනි කඳු පිපිරීම් සහ භූමි කම්පා ඇතිවේ.
සෙමෙරු, ජාවාහි උසම ගිනි කන්ද වන අතර එය වඩාත් සක්‍රිය ගිනි කන්දක් වේ.
එමෙන්ම එය සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය කඳ නැගීමේ ගමනාන්තයකි.
පසුගිය දෙසැම්බර් මාසයේ ද ගිනි කන්ද පුපුරා ගිය අතර 550ක් පමණ දෙනා ඉවත් කෙරිණ.
පසුගිය සතිය තුළ ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ සිදුවූ භූමි කම්පාවකින් 43දෙනකු පමණ මියගිය අතර ගුවන් යානා අනතුරකින් 62 දෙනකුට දිවි අහිමි විය.
(බීබීසී ඇසුරිණි)
085
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දුනීසියාවේ සෙමරු ගිනි කන්ද පුපුරා යයි