ඉතාලියේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයේදී මෝටර් රථ අනතුරකින් ජර්මානු සංචාරකයන් හය දෙනෙකු මියගොස් 11දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
දකුණු දිග ටයිරෝල් හි ජනප්‍රිය හිම ක්‍රීඩා ගමනාන්තයක් වන ලුටාච්හි දී මෙම අනතුර සිදුව ඇත.
මෝටර් රථය පදවා ඇත්තේ බීමත් රියදුරෙකු විසින් බවට පොලිසිය සැකකරයි.
අනතුරට ලක් වූ කණ්ඩායම රාත්‍රී සමාජ ශාලාවකින් පිටව ගොස් බස් රථයට නැගීමට බලා සිටියදී මෝටර් රථය ඔවුන් වෙත කඩාවැදී තිබේ.
අනතුරින් තුවාල ලබා රෝහල් ගතව සිටින රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු 20 හැවිරිදි වියේ පසුවන්නකු බවත් පොලිසිය පවසයි.
බරපතල ලෙස තුවාල ලැබූ දෙදෙනකු ගුවන් මගින් ඔස්ට්‍රියාවේ ඉන්නස්බර්ක්හි රෝහලකට ගෙනගොස් ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතාලියේ මෝටර් රථ අනතුරකින් හය දෙනෙකු මරුට