ඉතාලියේ ඉස්චියා දූපතේ භූ කම්පනයක් සිදුවීම හේතුවෙන් දෙදෙනකු මියගොස් 39දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ඇමරිකානු භූ විද්‍යා කාර්යාංශය පවසන්නේ මෙය රික්ටර් මාපක 4.3ක ප්‍රබලත්වයෙන් යුතු කම්පනයක් ලෙස සටහන් වී ඇති බවයි.
සංචාරකයින් සඳහා ප්‍රසිද්ධියක් උසුලන ඉස්චියා දූපතේ ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් කඩාවැටී ඇති බවද පැවසේ. වැඩි හානි සිදුවී ඇත්තේ දූපතේ කඳුකර ප්‍රදේශවලට බවත් වෙරළබඩ කළාපයේ ගොඩනැගිලිවලට සිදුවී ඇති හානිය අවම බවත් බලධාරීහු පවසති.
භූකම්පනයෙන් පසු බොහෝ සංචාරක පිරිස් දූපත හැර යන බවද වාර්තා වී ඇත.
සුන්බුන් අතර සිරවී සිටි මාස හතක් වයසැති දරුවකු ද බේරාගෙන ඇති අතර සිරවී සිටින තවත් දරුවන් දෙදෙනකු බේරා ගැනීම සඳහා ආපදා සහන සේවා කණ්ඩායම් විශාල ප්‍රයත්නයක් දරමින් සිටින බව ද පැවසේ.
(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතාලියේ භූ කම්පනයක් - 02ක් මරුට