ඉතාලියේ මිලාන් නුවර, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් අසල සිදුවුණු පිහි ප්‍රහාරයකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 4 කි.
කලහකාරිව හැසිරෙමින් පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. 46 හැවිරිදි ඔහු මානසික රෝගී තත්ත්වයකින් පසුවන බව පසුව අනාවරණය විය.
පිහි ප්‍රහාරයෙන් මියගියේ 30 හැවිරිදි තරුණයෙකි. ඔහු සුපිරි වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සැලක සේවකයකු බව පොලිසිය කියයි.
ඊට අමතරව, තුවාල ලබා රෝහල්ගත කළ සිවුදෙනා අතර ස්පාඤ්ඤ පා පන්දු ක්‍රීඩක පාබ්ලෝ මාරි ද සිටින බව පැවැසෙයි. පාබ්ලෝ මාරි, ස්පාඤ්ඤයේ ‘මොන්සා’ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙකි.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉතාලියේ පිහි ප්‍රහාරයකින් අයෙක් මරුට