IMG-LOGO

ඉතාලියේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යයි

යුරෝපා රටක් වන ඉතාලියේ සිසිලි දූපතේ උෂ්ණත්වය, වාර්තාගත ලෙස සෙල්සියස් අංශක 48.8 තෙක් ඉහළ ගොස් ඇති බවත්, ඉතිහාසයේ පළමු වරට යුරෝපා රටකින් මෙතරම් ඉහළ උෂ්ණත්වයක් වාර්තා වුණු පළමු අවස්ථාව මෙය බවත් ජගත් කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙයි.

ජගත් කාලගුණ විද්‍යා සංවිධානයට අනුව, මේ වනවිට යුරෝපා රටවල් බොහොමයකින් ඉහළ උෂ්ණත්වයක් වාර්තා වන අතර, ග්‍රීසියේ ඇතන්ස් නුවර උෂ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක 48 ක් ලෙසිනි. අවසන් වරට ග්‍රීසියේ උෂ්ණත්වය මේ අයුරින් සෙල්සියස් අංශක 48 සීමාවට ළං වී ඇත්තේ 1977 වසරේදීය.

ඉතාලි සෞඛ්‍ය අමත්‍යාංශය එරට ජනතාවට අනතුරු ඇඟවීම් කර ඇත්තේ අධික උණුසුම් කාලගුණය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බවය.

වියළි කාලගුණය සහ වියළි සුළං හේතුවෙන්, සිසිලියේ පමණක් නොව, කැලබිරා සහ පුග්ලියා යන පළාත්වල ළැව් ගිනි හටගෙන ඇති බවත් ළැව් ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන්ට හමුදාවේ සහාය ලබා දෙන  බවත් ඉතාලි රජය පවසා ඇත.

ඉතාලියේ පමණක් නොව, ග්‍රීසිය, තුර්කිය සහ ඇල්ජීරියාව යන රටවල මේ වනවිට දරුණු ලෙස ළැව් ගිනි වාර්තා වන බවත් ඒවා පාලනය කිරීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවන බවත් වාර්තා වේ.

'කොවිඩ් 19' වසංගතයෙන් පමණක් නොව, මේ වනවිට විපරිත කාලගුණ විපර්යාස හේතුවෙන් ද ලොව රටවල් රැසක වැසියන් පීඩාවට පත්වී සිටින බවත්, මෙසේ විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය වීමට හේතුව මිනිස් ක්‍රියාකාරකම් බවත් ජගත් පරිසරවේදීහු පෙන්වා දෙති.

(බීබීසී)



අදහස් (0)

ඉතාලියේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 397 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site