අප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ සිදුවුණු නායයෑම් දෙකකින්, දෙසිය තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. නායයෑම් හටගත්තේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි.
මියගිය දෙසිය තිස් දෙදෙනා අතරේ, කාන්තාවන් 84 දෙනකු සිටින බව ද පැවැසෙයි. නායයෑම් දෙකම සිදුවූයේ එකම ස්ථානයේය. නායයෑමට හසුවූයේ ගෝෆා නමැති පිටිසර ප්‍රදේශයේ ගම්මානයකි. පළමු නායයෑමෙන් ගම්මානයේ නිවාස රැසක් මඩ සහ පස් තට්ටු අතරේ සැඟවී යද්දී නිවාස තුළ සිටි පිරිස් ද පණ පිටින් වැළලිණි.
එම පිරිස් මුදා ගැනීමට කඩිනමින් මෙහෙයුම් ඇරඹිණි. දෙවැනි නායයෑම හටගත්තේ දිවි ගලවා ගැනීම් සිදුවෙද්දීය. දිවි ගලවා ගැනීමට පැමිණි බොහෝ දෙනකු එම දෙවැනි නායයෑමට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
පස් සහ මඩ තට්ටු අතරේ සිරවුණු පස් දෙනකු ඊයේ (23) බේරා ගැනීමට හැකිවුවත්, සෙසු පිරිස බේරා ගැනීම ගැටලුවක් වී ඇතැයි ඉතියෝපියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඉතියෝපියාව අප්‍රිකානු රාජ්‍යයකි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉතියෝපියාවේ 232 ක් පණ පිටින් වැළලෙති
රංබොඩ Wednesday, 24 July 2024 10:57 AM
පෑවිල්ලෙන්ම දුක් විඳින මිනිසුන් වැස්ස නිසා පොළොවට යට වුණා කියන එක මහා ඛේදවාචකයක්