ඉතියෝපියාවේ සිදාමා සුළුතර කණ්ඩායමේ සාමාජිකයින් සඳහා ස්වයංනීර්ණ අයිතිය ලබාගැනීමේ ජනමත විචාරණය අද (20) පැවැත්විණි.
මෙය සීඝ්‍ර ප්‍රතිසංස්කරණයක් සිදු වූ වසරකට පසුව වාර්ගික ඉල්ලීම් සහ දේශපාලන වෙනසක් සාමකාමීව කළමනාකරණය කිරීමට ඉතියෝපියාවට ඇති හැකියාව පිළිබඳ පරීක්ෂණයක් ලෙස විචාරකයෝ සඳහන් කරති.
ඉතියෝපියාවේ සමස්ථ ජනගහනය මිලියන 105 ක් පමණ වන අතර එයින් සියයට හතරක් පමණ සිදාමා ගෝත්‍රිකයෝ වෙති.
සිදාමා ඡන්ද දායකයින් මෙම ජනමත විචාරනය විස්තර කළේ ජීවිත කාලය පුරාම කැපකර ලබාගත් ජයග්‍රහණයක් සහ ස්වයං පාලනයක් සඳහා දශකණනාවක අරගලයේ අවසානයක් ලෙසය.
ඉතියෝපියාවේ ආන්ඩුක්‍රම ව්‍යාවස්ථාව මගින් එරට ජනවාර්ගික කණ්ඩායම් 80 කට පමණ ස්වයං පාලනයක් ලබාගැනීමේ අයිතිය ලබා දී ඇත.
පසුගිය වසරේ බලයට පත්වූ නොබෙල් සාම ත්‍යාග ලාභී අභී අහමඩ් අගමැතිවරයා යටතේ වඩාත් විවෘත සමාජයක් බිහිකිරීමේ ප්‍රතිසංස්කරණ සඳහා සාකච්ඡා පැවැත්වේ.
ජනමත විචාරණය අපේක්ෂා කරන පරිදි සම්මත වුවහොත් ප්‍රාදේශීය බදු අයකිරීම්, අධ්‍යාපනය, ආරක්ෂාව සහ අධිකරණය යන අංශ ඉතියෝපියාවේ දසවන කළාපය බවට පත්වන සිදාමා විසින් පාලනය කෙරෙනු ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉතියෝපියාවේ සිදාමා කණ්ඩායම ස්වයංනීර්ණ අයිතිය සඳහා ජනමත විචාරණයක