IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ඉතින් ආයුබෝවන් පාසල් මවුනි ගරු

තොරතුරු තාක්ෂණයේ වත්මන් දියුණුව හා සැළකීමේදී ඉදිරියේදී අධ්‍යාපනය ලැබීම සදහා පාසල් හෝ ගුරුවරුන් හෝ අවශ්‍ය නොවන යුගයක් නිර්මාණය විය හැකියැයි ගූගල් සමාගම අනාවැකි පළ කරයි.

දැනට භාවිතයේ ඇති අධ්‍යාපනය තේමා කොටගත් මෘදුකාංග කිහිපයක් ගෙන හැර දක්වමින් ගූගල් සමාගම පවසන්නේ එවැනි පහසුකම් වලින් යුත් මෘදුකාංගයන් ඉදිරියටත් නිපදවෙන්නේ නම් ස්වයං අධ්‍යාපනයට ඇති ඉඩ තවත් විවර වන බවයි.

ස්මාර්ට් ෆෝන් හා පරිගණක විනෝදාස්වාදය සදහා මෙන්ම අධ්‍යාපනය ලැබීම සදහාද යොදාගැනීම කළමණාකරණය කර ගත හැකිනම් ඉක්මනින්ම ගුරුවරුන් නැති පාසැල් නැති යුගයක් ආරම්භ වනු ඇතැයි සමාගම කියයි.

සමාගමේ පර්යේෂණ අංශයේ උප ප‍්‍රධානී ඇල්ෆ‍්‍රඞ් ස්පෙක්ටර් පවසන්නේ අධ්‍යාපනයද විනෝදාස්වාදය සපයන ඇතැම් කී‍්‍රඩා හෝ කි‍්‍රයාකාරකම් හරහා ලැබීමේ අවස්ථාව මේ ස්මාර්ට් ෆෝන් හා පරිගණක වලින් සළසා ගත හැකි හෙයින් අධ්‍යාපනය ලැබීම යනු පොත පතටල පාසැලටල හා ගුරුවරුන්ට සීමා වී තිබෙන සාම්ප‍්‍රදායික ක‍්‍රමයෙන් ඔබ්බට ගෙන යන්නට මේ උපකරණ වලට හැකි බවයි.

ඇතැමුන් පරිගණක කී‍්‍රඩා යනු පිළිළයක් ලෙස දුටුවත් ඒවා මිනිසාගේ යහපත පිණිස යොදාගත හැකි අවස්ථාද බොහෝමයක් තිබෙන බවත් ඔහු පෙන්වා දේ.

කෙසේ නමුත් ගූගල් සමාගමේ මේ ප‍්‍රකාශයට අදහස් දක්වා තිබෙන බොහෝ දෙනා යන්ත‍්‍ර වලින් ලබන අධ්‍යාපනය හා මිනිසුන්ගෙන් ලබන අධ්‍යාපනය සමකළ නොහැකි බව සඳහන් කර ඇත.

ලෝකයට අවශ්‍ය වන්නේ දවස පුරා පරිගණක තිරයක් හෝ ජංගම දුරකථන තිරයක් දෙස බලා සිටින පරම්පරාවක් නොවන බව ඔවුන්ගේ අදහසයි.

 

 

 

 

 



අදහස් (0)

ඉතින් ආයුබෝවන් පාසල් මවුනි ගරු

ඇන්ටන් Monday, 27 October 2014 04:04 AM

එතකොට ගුණධර්ම කවුද කියලා දෙන්නේ දරුවන්ට? රොබෝ පැටව් වෙන්න ඇති නේද? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 27 October 2014 04:16 AM

මේ තුලින් හොද දේ වගේම භයානක ප්‍රතිපලත් ලැබෙනවා.මන්ද දරුවන්ගේ සාරදර්ම සහමුලින්ම අභාවයට යන්නෙත් මේ උසස් කියන තාක්ෂනය හේතුවෙන්ම තමයි.(අ)

:       0       0

බණ්ඩාර Sunday, 26 October 2014 11:14 AM

මට මෙය පිලි ගැනීමට ටිකක් අමාරුයි (නදී)

:       0       0

සුරංග Sunday, 26 October 2014 06:52 PM

දැන් ඉතින් ඉස්සරහට වැඩ එහෙම නැතුව බැහැ. (නි)

:       0       0

නලීන් Sunday, 26 October 2014 08:37 PM

ලෝක විනාශයේ ආරම්භයද මන්දා! (නි)

:       0       0

අසෝකා Monday, 27 October 2014 09:35 AM

ලංකාවේ ඉගෙනීම ලබන දරුවන්ගෙන් බාගයක්ම දැන් ටියුෂන් මාෆියාව නිසා රොබෝලගේ තත්වයට පත්වෙමින් තමයි ඉන්නේ. අඩුම වශයෙන් මේ විදියට හරි ටියුෂන් ක්‍රමය නැතිවෙලා ගෙදර සහෝදර සහෝදරියන් දෙමව්පියන් සමග වත් ටිකක් වැඩියෙන් ඉන්න ලැබේවි කියල මම හිතනවා! (බ)

:       0       0

අනිල් Wednesday, 29 October 2014 06:54 AM

මම නම් මේ දේ වැඩි වැරැද්දක් දකින්නේ නෑ. ගුණධර්ම කියලා දෙන්න දෙමව්පියෝ ඉන්නවනේ. තාක්ෂණයත් එක්ක ළමයි වැඩි ආසාවකින් ඉගෙන ගනියි. (නදී)

:       0       0

අනිල් Wednesday, 29 October 2014 06:55 AM

මම නම් මේ දේ වැඩි වැරැද්දක් දකින්නේ නෑ. ගුණධර්ම කියලා දෙන්න දෙමවුපියෝ ඉන්නවනේ. තාක්ෂණයත් එක්ක ළමයි වැඩි ආසාවකින් ඉගෙන ගනියි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 421 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2191 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1658 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site