බුරුසුව වෙනුවට ඉටිපන්දමකුත් තීන්ත වෙනුවට ඉටිපන්දමෙන් නැගෙන දුමත් භාවිතා කරනා සිත්තරෙකි බ්‍රිතාන්‍යය ජාතික මයිකල් ෆෙනල්.
අන් සිත්තරුන් මෙන් නොව මයිකල් තම චිත්‍ර සිතුවම් පුවරුව එල්ලා ගන්නේ තම හිසට ඉහළිනි. අනතුරුව ඉටිපන්දම දල්වා ගන්නා හේ එයින් නැගෙන දුම පුවරුව පුරා විසිරුවා හරී. විසිරෙන දුම අතින් එහෙ මෙහෙ කරනා ඔහු ඒවායින් සිත්තම් මතු කර ගන්නේ ඉන්ද්‍රජාලිකයකු සේය.
මෙහිදී සිදුවන්නේ ඉටිපන්දම දැවීමේදී දුම සමග නිකුත් වන කාබන් අංශු පුවරුව මත තැන්පත් වීමය. කාබන් අංශු තැන්පත් වන ස්ථාන කළු පැහැයෙන් දිස්වේ. මයිකල් කරන්නේ තමන්ට අවැසි සිත්තම මතු වන ආකාරයට දුමෙන් නිකුත් වන කාබන් අංශු පුවරුව මත තැන්පත් වීමට සැළැස්වීමයි.
මෙනිසාම ඔහුගේ සිතුවම් කලූ සුදු වර්ණයෙන් පමණක් යුතු වීම නොකිවමනාය.
ඔහුගේ සිතුවම් අතර ලෝක ප්‍රකට ක්‍රීඩකයින්, සංගීතඥයින්, නළු නිළියන් ආදීහු සිටිති.
මයිකල්ට අනුව මෙය කිසිසේත් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.නමුත් අවසානයේ මතු වන සිතුවම තමන් ඒ සදහා වැය කළ කාලයට වටිනාකමක් එක් කරන්නේයැයි ඔහුගේ අදහසයි.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉටි පහන් දුමෙන් සිතුවම්
නිමා Tuesday, 11 February 2014 08:48 AM
මාරයිනේ.(නදී)
චේතනා Monday, 10 February 2014 05:42 PM
මිල කල නොහැකි කළා සිතුවම් (දී)
පිටබැද්දර ජයා Monday, 10 February 2014 05:42 PM
මොනවා උනත් මාර මීටරයක් නේද ? (දී)
චමී Tuesday, 11 February 2014 09:10 AM
විශ්මය ජනක කලා කරුවෙක් බව තර්කයක් නෑ .තව තවත් මෙවැනි දස්කම් මැවිමට ශක්තිය ලැබේවා. (නදී)
නැනි Thursday, 13 February 2014 09:25 AM
ඉතා අගය කළ යුතු කලා නිර්මාණයක්. ඔහුට සුභ පැතුම් !!!(දිල්)
කළණි Saturday, 15 February 2014 09:14 PM
මෙහෙම අදහසක් පහල වීම පවා විශ්මයක්. ඉතාම අගනේය.(නදී)