IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් නියෝජිතයෝ චීන විදෙස් ඇමැති හමුවෙති

ඇෆ්ගන් තලේබාන් නියෝජිතයන් කණ්ඩායමක් සහ චීන විදේශ අමාත්‍ය වැංග් යී අතර හමුවක්, උතුරුදිග චීනයේ ටියැංජියැං නගරයේ පැවැත්විණි.

තලේබාන් සාමාජිකයන් නව දෙනකුගෙන් සමන්විත එම නියෝජිත කණ්ඩායම, දෙදින නිල සංචාරයක් සඳහා උතුරු දිග චීනයට පැමිණ ඇත්තේ පාකිස්තානය හරහා පාකිස්තාන රජයේ ද විශේෂ අනුග්‍රහයක් යටතේ ඇයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. තලේබාන් සාමාජිකයන් සහ චීනය අතර යහපත් සබඳතා ඇති කිරීමේදී නිල නොලත් මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ පාකිස්තානයයි.

ඇෆ්ගන් සංග්‍රමය අවසන් කරමින්, ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් පිටවීම ආරම්භ කර තිබේ. විදෙස් හමුදා පිටවී යන්නේ ඇෆ්ගන් තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතර සාම වැඩපිළිවෙළකට මඟ සකස් කර දීමෙන් ද පසුවය. කෙසේ නමුත්, මේ වනවිට තලේබාන්වරුන් ඇෆ්ගන් වැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කර ඇතැයි පැවැසෙයි.

විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය පසු, ඇෆ්ගන් වැසියන්ගේ යටිතල පහසුකම් නංවමින්, එරට සංවර්ධන ව්‍යාපෘති රැසකට සම්බන්ධ වීමට චීනය බලාපොරොත්තු වෙයි. මේ සම්බන්ධයෙන් චීන නියෝජිතයන්, එරට හමුදා ප්‍රධානීන් සහ ඇෆ්ගන් රජයේ නියෝජිතයන් අතරේ ද සාකච්චා පැවැත්වීම සිදුවෙයි.

චීනය, පාකිස්තානය හරහා අරාබි මුහුද දක්වා ඔවුන්ගේ නව සේද මාර්ගය පුළුල් කිරීමට බලාපොරොත්තු වන අතර, එම සේද මාවත වැටී ඇත්තේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය හරහාය. මේ වනවිටත් පාකිස්තානයේ චීන අනුග්‍රහයෙන් අධිවේගී මාර්ග ඉදිවෙමින් පවතී. ඒ, ඒවා ඇෆ්ගනිස්තානයට සම්බන්ධ කිරීමේ බලාපොරොත්තුවෙනි.

ඇෆ්ගන් රජයට ණය ලබා දෙමින්, එම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට නම්, චීනයට ඇෆ්ගන් රජයේ සහාය පමණක් නොව, ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ සහාය ද අවශ්‍ය වෙයි. දෙදින සංචාරය අතරතුරේ චීන ව්‍යාපාරිකයන් බොහෝ දෙනකු සමඟ ද සාකච්ඡා පැවැත්වීමට තලේබාන් නියෝජිතයන්ට අවස්ථාවක් උදා වූ බව පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

ඇෆ්ගන් නියෝජිතයෝ චීන විදෙස් ඇමැති හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site