පාකිස්තානයේ ඇෆ්ගන් තානාපති නජීබ් අලිකිල්ගේ දියණිය පැහැරගෙන ගෙස් දරුණු වඳ හිංසාවලට පමුණුවා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
වයස අවුරුදු 20 ගණන්වල පසුවන තානාපති දියණිය සිල්සිලා අලික්හිල් පැහැර ගැනීම සිදුවී ඇත්තේ ඇය තානාපති නිල නිවසේ සිටිද්දීය. ආරක්ෂක අංශ නිලධාරීන්ට පහර දී නිවසට කඩා වැටුණු පිරිසක් ඇය පැහැරගෙනගිය බවත්, මෝටර් රථයකින් ගෙන යද්දී එම පිරිස ඇයට දරුණු ලෙස පහර දී වධ හිංසා සිදු කළ බවත් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ඉතා කෙටි කාලයක් ඇතුළත එම පිරිස තානාපති දියණිය නිදහස් කර ඇති අතර, පසුව ඇය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණි. එම පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් කම්පනයට පත් වුණැයි ඇෆ්ගන් රජය සහ එරට විදේශ කටයුතු අමත්‍යාංශය පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට දන්වා ඇත.
සිදුවුණේ කුමත්දැයි වහා සොයා බලන ලෙසත්, පැහැර ගැනීමට සම්බන්ධ සියලු දෙනා වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තමන්ට උපදෙස් දුන් බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමැති ෂෙයික් රෂීඩ් අහ්මද් මාධ්‍ය හමුවේ පවසා ඇත.
පැහැර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවත්, ඇෆ්ගන් තානාපතිවරයා සහ ඔහුගේ පවුලේ අයගේආරක්ෂාව තහවුරු කිරීමට හැකි සෑම පියවරක්ම අනුගමනය කළ බවත් අභ්‍යන්තර කටයුතු ඇමැති ෂෙයික් රෂීඩ් අහ්මද් අවධාරණය කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන තලේබාන් ත්‍රස්තවාදීන්ට පාකිස්තාන බුද්ධි අංශය සහ හමුදාය සහාය දක්වන බවට ඇෆ්ගන් රජය ඉකුත් සතියේ චෝදනා කළේය. ඇෆ්ගන් රජය පාකිස්තාන බුද්ධි අංශයට සහ හමුදාවට එල්ල වුණු මෙම චෝදනා සහ මෙම පැහැර ගැනීම අතරේ සම්බන්ධයක් තිබෙනවා විය හැකි යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඇෆ්ගන් තානාපති දියණිය පැහැරගෙන