IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් ජනපති මැදුරට රොකට් ප‍්‍රහාර

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ජනපති මන්දිරය ඉලක්ක කර ගනිමින් ඊයේ (13) තලේබාන් සටන්කාමීන් රොකට් ප‍්‍රහාර තුනක් එල්ල කළ අතර, එම ප‍්‍රහාරවලින් සිවිල් වැසියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සිව් දෙනෙක් තුවාල ලැබූහ. ජනපති මන්දිරය ඉලක්ක කර ගනිමින් එල්ල කළත්, එම රොකට් ප‍්‍රහාරවලින් මන්දිරයට කිසිදු හානියක් සිදු නොවිණි. රොකට් ප‍්‍රහාර එල්ල වී ඇත්තේ ජනපති මන්දිරය අසල පිහිටි ගොඩනැගිලි වලටය. ප‍්‍රහාරය එල්ල වෙද්දී ජනපති හමීඞ් කර්සායි මන්දිරයේ නොසිටි බව ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි. ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කර 11 වැනි වසර ඊයේ (13) ට යෙදී තිබුණි. ත‍්‍රස්තවාදයට එරෙහි සටන අරඹමින් එවකට ඇමෙරිකාවේ ජනපතිධුරය හෙබවූ ජෝර්ජ් බුෂ්ගේ අණ පරිදි ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කරද්දී එරට පැවැතියේ තලේබාන් පාලනයකි. ඇෆ්ගන් ජනපති මන්දිරය පිහිටා ඇත්තේ කාබුල් අගනුවර අධි ආරක්ෂක කලාපයකය. ඇෆ්ගන් ආරක්ෂක අමත්‍යාංශය ඇතුළු රජයේ අමත්‍යාංශ රැුසක් සහ බුද්ධි අංශ මූලස්ථානය ද පිහිටා ඇත්තේ එම ආරක්ෂක කලාපයේය. තලේබාන් මෙන්ම අල් කයිඩා සටන්කාමීන් ද අවස්ථා ගණනාවකදී එම ආරක්ෂක කලාපයට ඇතුළු වී, ප‍්‍රහාර එල්ල කිරීමට උත්සහ කළ ද ආරක්ෂක අංශ මැදිහත් වී ඒවා වැළැක්වීය.



අදහස් (0)

ඇෆ්ගන් ජනපති මැදුරට රොකට් ප‍්‍රහාර

ෂෙරීෆ් Wednesday, 14 November 2012 09:32 PM

රොක‍ට් ප්‍රහාරයක් කියනකොට මට මතක් වුණේ භාමියන් බුදු පිලිම ටික ගැන (ස)

:       0       0

ආශ් Thursday, 15 November 2012 04:36 PM

හරියට මියන්මාරයට භූමිකම්පාව ආවා වගේ තියෙන්න ඇති. (නි)

:       0       0

ජීව Thursday, 15 November 2012 01:49 AM

රුසියාවට සමකරන්න නම්, තව අවුරුදු හතක්වත් යුද්ධය කරන්න වෙනවා. (නි)

:       0       0

මධූ Wednesday, 14 November 2012 01:22 PM

ඊලඟ වතාවෙත් උත්සාහ කරන්න (ස)

:       0       0

දයා-සවුදි Thursday, 15 November 2012 02:21 PM

දිට්ට ධම්ම වේදනීය කර්මය පසුපස එනවාවද්ද? (නි)

:       0       0

ජයලාල් Wednesday, 14 November 2012 06:18 PM

මූලධර්මවාදී, අන්තවාදීන් විනාශ කිරීමට සියල්ලන් තම සහයෝගය දියයුතුයි. (නි)

:       0       0

වෙනුර Thursday, 15 November 2012 02:56 PM

බාමියන් බුදු පිළිම වලට කළ අපරාධයට වන්දි ගෙවන්න පටන් ගත්තාවද්ද? (නි)

:       0       0

පල්ලේ ජනිත් Thursday, 15 November 2012 03:34 PM

කල කම් පලදේ........ බුදුපිළිම විනාශ කල පවු වලට තාමත් පල දීලා ඉවර නැහැ. සාධු සාධු (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 686 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17823 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site