IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඇෆ්ගන් කතුන්ට තවත් තහංචියක්

විනෝද ක්‍රීඩා උද්‍යානවලට සහ ශරීර සුවතා මධ්‍යස්ථානවලට ඇතුළු වීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කර කිරීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් පියවර ගෙන ඇත.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වී ගියේ 2021 වසරේ අගෝස්තුවේය. ඉන්පසු තලේබාන් ත්‍රස්ත සංවිධානයට යළි බලයට පැමිණ, නව රජයක් පිහිටුවූයේය. අද ඇෆ්ගනිස්තානය පාලනය කරන්නේ තලේබාන් සංවිධානයයි.

තලේබාන් පාලකයන් ඔවුන්ට ආවේණික දලදඩු ෂරියා නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, නිදහසේ ජීවත් වීමට ඇෆ්ගන් කාන්තාවන්ට ඇති අයිතිය ඔවුන් උදුරා ගෙන ඇතැයි ජගත් මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පැහැදිලි කර තිබේ.

බාලිකා අධායපන ද තහනම් කර තිබේ. කාන්තාවන්ට රැකියාවල නියැලීම ද තහනම්ය. විනෝද ක්‍රීඩා උද්‍යානවලට සහ ශරීර සුවතා මධ්‍යස්ථානවලට ඇතුළු වීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කිරීමට තලේබාන් පාලකයන් කටයුතු කර ඇත්තේ පෙරේදා (9) ය.

කාන්තාවන් සම්බන්ධයෙන් මෙම නව තහංචි පැනැවීම සිදු කර ඇත්තේ ද ඇෆ්ගන් තලේබාන් රජයේ සදාචාරාත්මක සමාජයක් පිහිටුවීමේ අරමුණින් පිහිටුවා ඇති අමාත්‍යාංශයයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ඇෆ්ගන් කතුන්ට තවත් තහංචියක්

Hira Friday, 11 November 2022 02:18 PM

මොහොමඩ්ලාගේ පරම්පරාව ගැහැණු එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ. මේ අය නම් මානසික ලෙඩ්ඩු...

:       1       7

Rizwi Friday, 11 November 2022 08:59 PM

ඇෆ්ඝනිස්ථානය, ඉරානය වැනි රටවල පවතින ආගමික උන්මත්තකයින් පනවා ඇති ගෝත්‍රික නීතිරීතිවලට එරෙහිව, ඒ රටවල වෙසෙන අසරණ ජනතාව බේරාගැනීම සඳහා ඇමරිකාව, ඊශ්‍රායලය, යුරෝපා රටවල් එකතු වී හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිම ඉතාමත්ම කාලෝචිතයි. මේ ආගමික උන්මත්තකයින් මෙලොවින් තුරන් කළ යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27715 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18183 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10882 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 645 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 851 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site