ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය එළඹෙන වර්ෂයේ ජූලි 20 දක්වා කල් දමා ඇති බව ඇෆ්ගනිස්ථාන මැතිරවරණ කොමිසම පවසයි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම අප්‍රේල් 20 වැනිදාට නියමිතව තිබිණු අතර එය මාස තුනකට කල් තබන ලදී.
ඇෆ්ගනිස්ථානය අවසන් ජනාධිපතිවරණයක් පවත්වා ඇත්තේ 2014 වර්ෂයේදීය.
මීට පෙර පැවැත්වීමට නියමිතවූ ප්‍රාදේශීය සහ දිස්ත්‍රික්ක මැතිවරණ කල්දැමීමට සිදු වූ බව මැතිවරණ කොමිසාරිස්වරයා පැවසුවේය.
කල්දමා තිබු පාර්ලිමේන්තු ඡන්දයද එදිනම පැවැත්වීමට සැලසුම්කර තිබේ.
ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝබර් මාසයේ පැවැත්වූණු අතර එහිදී සිදුවූ තාක්ෂණික ගැටලු නිරාකරණය කාලය අවශ්‍ය බවින් ජනාධිපතිවරණ ඡන්ද විමසීම කල් තැබුවේය.
මැතිවරණ වංචා අඩු කිරීමටත්, ඡන්දදායක ලැයිස්තු විධිමත් ලෙස සැකසීමත් එම කාලසීමාවේදී සිදු කරන ලද බව ස්වාධීන මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය ප්‍රකාශකයෙකු පැවසුවේය.
(63226)
2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්ථාන මැතිවරණය ජුලි 20 වැනි දා