ඇෆ්ගනිස්ථානයේ අගනුවර කාබුල් හි බන්ධනාගාරයක සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනකු බෝම්බ ප්‍රහාරයකින් මියගොස් ඇතැයි වාර්තා වේ. ඔවුන් ගමන් කළ මෝටර් රථයට එල්ලවූ බෝම්බයක් පුපුරායෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.
මියගිය අයගෙන් තිදෙනකු කාන්තාවෝය. රථයේ රියදුරා ද ප්‍රහාරයෙන් මරුමුවට පත්වී ඇති අතර තවත් දෙදෙනකු ද තුවාල ලබා ඇත.
වෛද්‍යවරුන්, ඔවුන් සේවය කළ පුල් - ඊ - චාර්කි බන්ධනාගාරයට ගමන්කරමින් සිටියදී මෙම පිපිරීම සිදුව තිබේ.
මෙතෙක් කිසිදු කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැත. බන්ධනාගාර රැඳවියන් අතර තලේබාන්
සටන්කරුවන් සියගනනක් සිටින බව බීබීසී වාර්තා සඳහන් කරයි. ඇෆ්ගනිස්ථාන මාධ්‍ය පවසන්නේ මෑතකදී එල්ලවූ ප්‍රහාර කිහිපයක්ම චුම්බක මගින් වාහන වලට සවිකර තිබූ "ඇලෙන සුළු බෝම්බ" යොදාගෙන සිදුකර ඇති බවයි.
කාබුල් නගරයේ පසුගිය මාස දෙක තුළ සිදුවූ ප්‍රහාර හේතුවෙන් 100කට අධික පිරිසක් මියගොස් තිබේ. ඒ අතර ජනමාධ්‍යවේදීහු, ක්‍රියාකාරීන් සහ දේශපාලකයෝ ද සිටිති.
ඇෆ්ගනිස්ථාන රජය හා තලේබාන් නිලධාරීන් අතර සාකච්ඡා ආරම්භකර තිබියදී මෙම පිපිරීම සිදුව තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් වෛද්‍යවරු 4ක් මරුට