විදෙස් හමුදා පිටවී ගියත් ඇෆ්ගනිස්තානයට ස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා දිගටම මුදල් ආධාර ලබාදෙන බව ජර්මනියේ ‘බොන් සමුළුවට’ සහභාගී වූ විදෙස් රටවල් ඊයේ (6) පොරොන්දු විය.ජර්මන් චාන්සල් ඇන්ජෙලා මාකෙල්ගේ අනුග‍්‍රහයෙන් ඇෆ්ගනිස්තානය ඇතුළු විදෙස් රටවල් 80 ක සහභාගීත්වයෙන් බොන් නුවර එම සමුළුව පැවැත්වෙයි. අල් කයිඩා සහ තලේබාන් ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව යුද සංග‍්‍රාම ආරම්භ කර ඇති ඇමෙරිකාව සහ නේටෝ හමුදා 2014 වසරේදී ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිතය. මේ වනවිටත් කුඩා කණ්ඩායම් වශයෙන් විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කර තිබේ.විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන්නේ ඇෆ්ගන් ආරක්ෂක අංශවලට මනා පුහුණුවක් ලබා දී ඔවුන් ශක්තිමත් කිරීමෙන් පසුවය. ඇමෙරිකාව ප‍්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කොට තලේබාන් පාලනය පෙරළා දමා ඇරැුඹූ යුද්ධයට මේ වනවිට දස වසරක් සම්පූර්ණ වී ඇත. සංග‍්‍රාමය ඇරැුඹුණු දා පටන් සෑම වසරක් පාසාම ඇමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපා රටවල් ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඞ් කර්සායිගේ රජයට ඇමෙරිකන් ඩොලර් බිලියන 7 ක මුදලක් ලබා දෙයි. නේටෝ හමුදා ප‍්‍රහාරයකින් පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු මියයෑමේ සිද්ධිය මුල් කොට ගෙන ඇෆ්ගනිස්තානයේ සමීපතම අසල් වැසියා වන පාකිස්තානය බොන් සමුළුව වර්ජනය කළේය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇෆ්ගනිස්තානයට දිගටම විදේශ ආධාර