මානසික රෝග හඳුනාගැනීමට ඇසේ ඉරියව් වැදගත් වන බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් කණ්ඩායමක් පෙන්වා දෙති. මේ සඳහා ඔවුන් නව කැමරාවක් භාවිතා කරයි. ඔවුන් පවසන්නේ භින්නෝන්මාදයේ සිට විශාදය දක්වා රෝග රාශියක් මේ ආකාරයට හඳුනාගත හැකි බවයි.
විශේෂිත කැමරාවක් මාර්ගයේන රෝගීන්ගේ ඇසේ ඉරියව් වල ස්වභාවය පරිගනක තිරයක් මතට ගනී. ඔවුන් පවසන්නේ මානසික රෝග ඇති අයගේ ඇසේ ඉරියව් සහ එවැනි රෝගයක් නොමැති අයගේ ඇසේ ඉරියව් අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බවයි. මෙලෙස හඳුනාගන්නා රෝගීන්ගේ ඇසේ ස්වභාවය අධ්‍යයනය කිරීමෙන් වැළඳී ඇති රෝග තත්ත්වය ද හඳුනාගත හැකි බව පර්යේෂකයන්ගේ මතයයි.
තදබල ලෙස විශාදයට ගොදුරු වූ රෝගීන්ගේ තේරුම් ගැනීමට අපහසු වෙනස්කම් ඇසේ දක්නට ලැබෙන බව ද ඇබර්ඩින් සරසවියේ වෛද්‍ය පිලිප් බෙන්සන් සහ මහාචාර්ය ඩේවිඩ් පවසයි.
වෛද්‍ය පිලිප් බෙන්සන් මේ ක්‍රමය ගැන මෙසේ කියා ඇත.
" මොළය ස්කෑන් කිරීමෙන් හා ඩී.එන්.ඒ. තාක්ෂණය මගින් හ
ඳුනාගත් රෝග තත්ත්ව මේ ආකාරයෙන් ඉතා පහසුවෙන් හඳුනාගත හැකියි. මේ ඇස් පරීක්ෂාව මගින් විනාඩි 30ක කාලයකදී සියයට 95ක් නිවැරදිව හඳුනාගැනීමට හැකියාව ඇති බරපතල මානසික රෝග තත්ත්වයන් සාමාන්‍ය ආකාරයට හඳුනාගැනිමට වසර ගණනාවක් ගතවනවා. "
මේ නව සොයාගැනීම සම්බන්ධයෙන් මනෝ විද්‍යා රාජකීය පාසලේ මහාචාර්ය නික් ක්‍රැඩොල් ද සුබ පතා ඇත. ඔහු කියා සිටින්නේ රසායනාගාර පරීක්ෂණ මෙතෙක් හ
ඳුනාගත් බරපතල මානසික රෝග හඳුනාගැනීමට හැකිවීම ගැන සතුටු වනව බවිය. කෙසේ වෙතත් අක්ෂි ඉරියව් හා මානසික ආබාධ යන දෙක අතර සම්බන්ධතාව පිළිබඳ තවදුරටත් පර්යේෂණ අවශ්‍යයැයි ද මහාචාර්ය වරයා කියා ඇත.
2025 නොවැම්බර් මස 04
74
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇස පිරික්සා මානසික රෝග සොයයි
ෂේක් Monday, 09 December 2013 12:08 PM
ඔහොම කියන්න පුලුවන්නම් ඉතිං අර මොකක්ද අහවල් යුද්දෙට ළමයි හදන ත්‍රස්තවාදීයෝ ඔක්කොම මානසික ලෙඩ්ඩු කියල අපිට මූණ බලපු ගමන්ම කියන්න පුලුවන්.(නදී)
ශාන් Tuesday, 10 December 2013 03:11 AM
මානසික රෝග විතරක් නොව ගොඩක් ලෙඩ මිනිස්සු අල්ලලා බලලා සනීප කරපු පාරම්පරික වෙද මහත්වරුන් අපේ රටේ හිටියා. මේ ගොල්ලන්ට නවීන පහසුකම් තිබුනේ නැහැ (නි)