ඇසෑම් ප්‍රාන්තයේ ජාතික පුරවැසි ලැයිස්තුව ඉකුත් දා ප්‍රකාශයට පත්කළ අතර ලක්ෂ 19කගේ නම් එම ලැයිස්තුවට ඇතුළත්ව නැතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අයඳුම්කරුවන් කෝටි 3.29ක් ජාතික පුරවැසි ලැයිස්තුවට සිය අයඳුම්පත් ඉදිරිපත් කළ ඒවා භාවිත කරමින් මෙම ජාතික පුරවැසි ලැයිස්තුව සකස් කර තිබේ.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට අනුව මෙම ලැයිස්තුව සකස් කෙරුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණය යටතේ මෙම ලැයිස්තුව සකස් කිරීමට වසර පහක් ගතවිය. ඒ සඳහා වියදම් කෙරුණු මුදල ඉන්දීය රුපියල් කෝටි 1,220කි.
මානව හිමිකම් සුරැකීමේ සංවිධානවලට සහ ඇසෑමයේ ජනතාවට අනුව හින්දු ජාතිකයන් සහ බෙංගාල සම්භවයක් ඇති මුස්ලිම් ජාතිකයන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස ගණනය කෙරෙණු ඇතැයි කියැවේ. පුරවැසිභාවය සම්බන්ධයෙන් කරන නඩු විමසීම් යනාදිය සඳහා ජනතාව ඉන්දීය රුපියල් කෝටි 7,800ක මුදලක් වියදම් කළ බව පැවසේ. මෙම කාලයේදී මෙම කරුණ නිසා 60 දෙනකුට ජීවිත අහිමි විය.
බටහිර ඇසෑමයේ බර්පෙතා හිදී 2010 වසරේදී උද්ඝෝෂණයක් පැවැති අතර එහිදි පොලිසිය කළ වෙඩි තැබීමකින් සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනෙක් ජාතික පුරවැසි ලේඛන සේවා මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමේදී, එම කටයුතුවලට සහභගී වන අතර වාරයේදී ජීවිතක්ෂයට පත්වූහ. බොහෝ තමන්ට රටක් නැති වනු ඇතැයි බියෙන් ඇති වූ කම්පනය නිසා ජීවිතක්ෂයට පත්වූහ.
1,906,657 කගේ නම් මෙලෙස ජාතික පුරවැසි ලැයිස්තුවට ඇතුළත් වී නැති අතර ඔවුන්ට අධිකරණය ඔස්සේ මේ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කරමින් ලැයිස්තුවට ඔවුන්ගේ නම් ඇතුළත් කරගැනීමේ හැකියාව ඇතැයි ප්‍රාන්ත බලධාරීහු ප්‍රකාශ කළහ. අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා දින 120ක කාලයක් ලබා දී තිබේ. මේ සඳහා විශේෂ අධිකරණ ද පිහිටුවා ඇත.
(ද හින්දු ඇසුරිනි)
055
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇසෑම් ප්‍රාන්තයේ ලක්ෂ 19කට ඉන්දීය පුරවැසිභාවය නෑ