IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඇල්සයිමර් රෝගීන්ට ඔසුවක්

ඇල්සයිමර් Alzheimer රෝගයට ප්‍රතිකර්මයක් ලෙස නිපදවා ඇති නව ඖෂධයකට ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය U.S. Food and Drug Administration (FDA) ඊට අනුමැතිය හිමිවිය.

ඇල්සයිමර් රෝගයට එරෙහිව මෙසේ ඖෂධයක් හඳුන්වා දීම සිදුවන්නේ වසර 20 කට පසුව වන අතර, ඇමෙරිකාවේ ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන මිලියන 6.2 කටත් ලොව පුරා වාර්තාවන ඇල්සයිමර් රෝගීන්ටත් මෙය සැබැවින්ම සුබ ආරංචියකි.

ඇල්සයිමර් යනු මොළයට බලපාන රෝගී තත්ත්වයකි. මෙම ඖෂධය හැඳින්වෙන්නේ 'ඇඩියුකේනුමැබ්' (aducanumab) යන නමින්ය. ඇල්සයිමර් රෝගයේ දී සිදුවන්නේ මතක ශක්තිය අඩුවී සිතීමේ හැකියාව හීන වී මොළය අක්‍රිය තත්ත්වයකට පත්වීමය. එසේ වූ විට එය යළි යථා තත්ත්වයට පත් කළ නොහැකිය.

ඇල්සයිමර් රෝග ලක්ෂණ මතුවන්නේ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට වන නමුත් අවුරුදු 30 ත් 40 ත් පසුවන්නන් පවා ඇල්සයිමර්වලට ගොදුරුවීමේ නැඹුරුවක් පවතී. ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ බයෝජන් Biogen ජෛව තාක්ෂණ සමාගම විසින් මෙම නව ඖෂධය නිර්මාණය කරනු ලැබ ඇත.

ඇල්සයිමර් රෝගයට ගොඳුරු වන්නන් මුල් කාලයේ දී හඳුනා ගෙන 'ඇඩියුකේනුමැබ්' ඖෂධය එම රෝගීන්ට ලබා දීමේදී ඔවුන්ගේ මොළයේ ඇතිවන 'ඇමයිලොයිඩ් බීටා' නමැති ඇලෙනසුළු ප්‍රෝටීන තැන්පතු ඉවත් කෙරෙන බව වෛද්‍යවරු පවසයි. 'ඇඩියුකේනුමැබ්' ඇල්සයිමර් රෝගීන් සුවපත් කරන ඔසුවක් නොවන බවත්, ඇල්සයිමර් රෝගීන් හඳුනා ගන්නා පළමු අවස්ථාවේ, ඔවුන්ට එය ලබා දී සුවපත් කළ හැකි බවත් වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.



අදහස් (0)

ඇල්සයිමර් රෝගීන්ට ඔසුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site