IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇල්ජීරියාවේ ජනාධිපතිවරණයට දින නියම කෙරේ

ඇල්ජීරියාවේ ජනාධිපතිවරණය මෙම වසර අවසානයේ පැවැත්වීමට තීරණය කර ඇතැයි හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අහමඩ් ගීඩ් සාලේ නිවේදනය කර ඇත.

දැවැන්ත මහජන විරෝධය හමුවේ පසුගිය අප්‍රේල් මාසයේදී අබ්ඩෙලාසීස් බොටිෆ්ලිකාට ඇල්ජීරියානු ජනාධිපතිධූරයෙන් ඉවත්වීමට සිදුවිය.

පසුගිය ජූලි මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කර තිබුණද බලධාරීන් විසින් එය කල් දමනු ලැබීය.

මේ වනවිට ඇල්ජීරියාව පාලනය කරනු ලබන්නේ හමුදා නායකයින් විසිනි.

මේ අතර හිටපු ජනපති බොටිෆ්ලිකාගේ ආධාරකරුවන් හා ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානම් කර ඇතැයි සඳහන් වේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඇල්ජීරියාවේ ජනාධිපතිවරණයට දින නියම කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site