ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව, හෙට (19) සිට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් තහනම් කිරීමට නියමිතය.
චීනයේ නිර්මාණය කළ ටික්ටොක් යෙදවුම හරහා චීනය ඇමෙරිකාවේ තොරතුරුවලට පිවිසෙන බවත්, එය ඇමෙරිකාවට තර්ජනයක් බවටත් අමෙරිකානු රජයේ ජාතික ආරක්ෂක බලධාරීන් මින් පෙර කරුණු පැහැදිලි කර තිබේ.
ටික්ටොක් යෙදවුම අයත් බයිට් ඩාන්ස් සමාගමට නියෝග කෙරුණේ එම යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙසය.
එම නියෝගයට එරෙහිව බයිට් ඩාන්ස් සමාගම අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව තහවුරු කරනු ලැබුණි.
ධුරයෙන් සමු දීමට සූදානමින් සිටින ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ තමා ධුරයේ ඉතිරිව ඇති දින කීපය සඳහා තහනම ක්‍රියාත්මක නොකරන බවය. ට්‍රම්ප් දිවුරුම් දීම සහ බයිඩන් ජනාධිපති ධුරයෙන් සමු ගැනීම සිදුවනු ඇත්තේ ලබන 20 වැනිදාය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකාවේ ටික්ටොක් තහනම්