වොෂින්ටන්හිදීය (රොයිටර්ස්)
ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය සමාජ ප්‍රශ්න නව නඩු විභාගයට ගැනීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරත් ගැටුමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ට්‍රම්ප් යටතේ පවතින නීතිපති දෙපාර්තමේන්තුව ඇතැම් නඩු කඩිනමින් අවසන් කිරීමට උත්සාහ කිරීම මෙම අර්බුදයේ මුල වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නවදෙනා ඉදිරියේදී එම නඩු විභාගයට ගැනීමට පෙර අභියාචනාකරණ පද්ධතිය ඔස්සේ නඩු විභාග අවසන් කරගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව උත්සාහ කරන බවට චෝදනා එල්ල වී තිබේ.
ජනාධිපතිවරයාගේ නීතිඥයන් ලබන වසරේදී නඩු විභාග ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියට ගෙන ආවෝත් මෙම අර්බුදය තවත් උග්‍ර වනු ඇතැයි පැවසේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, විනිසුරුවරුන් නවදෙනකුගෙන් සමන්විත වන අතර එයින් බහුතරය මධ්‍යස්ථ මතධාරිහු වෙති. එයින් විනිසුරුවරුන් දෙදෙනකු වන බ්‍රෙට් කවනෝ සහ නීල් ගෝසච් ජනාධිපති ට්‍රම්ප් නම් කරන ලද විනිසුරු වෙති.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වූ දිනයේ සිට පහළ ෆෙඩරල් අධිකරණ දුන් නඩු තීන්දු බොහෝමයක් ඔහුගේ ප්‍රතිපත්තිවලට හිතකර නොවීය. බොහෝ අවස්ථාවලදී ඔහුගේ තීන්දු, තීරණ ප්‍රතික්ෂේප විණි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩු තීන්දු බොහෝමයක් ඔහුට හිතකර ඒවා විය.
මුස්ලිම් ජාතිකයන් බහුතරයක් ජීවත්වන රටවලට පැනවූ සංචාරක තහනම ක්‍රියාත්මක කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දීම එයින් විශේෂ විය. පහළ උසාවි බොහෝමයකදී සංචාරක තහනමට එරෙහිව නඩු තීන්දු ලැබිණි. සංචාරක තහනම දිගටම පවත්වාගෙන යෑම සඳහා දුන් තීන්දුවේදී ට්‍රම්ප් පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ නීල් ගෝසච්ගේ ඡන්දය ප්‍රධාන විය.
එහෙත් කවනෝ පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වීම් ලැබීමත් සමඟ එම තත්ත්වය වෙනස් විය. සෙනට් සභාවේ පැවැති දැඩි මතභේදාත්මක තත්ත්වයකින් පසුව කවනෝ එම තනතුරට පත්විය. එතැන් පටන් සමාජ ප්‍රශ්න සම්බන්ධ නඩු විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
(055)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය-ට්‍රම්ප් අතර ගැටුමක්