මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන ‘ආසියාන්’ සමුළුව අතරතුරේ, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අතරේ හමුවක් පැවැත්විණි. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ලෙස මාර්කෝ රූබියෝ ආසියානු රටකට පැමිණ සිටින පළමු අවස්ථාව වන්නේ මෙයයි.
මාර්කෝ රූබියෝ සහ සර්ගේ ලැව්රෝව්ගේ සාකච්ඡාවට ප්‍රධාන වශයෙන් පාදක වූයේ රුසියන් යුක්රේන යුද්ධයයි. ඊට අමතරව, ඉරානයේ සහ සිරියාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වුණු බව වාර්තා වේ.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කළ හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් යැයි රුසියන් විදේශ අමාත්‍යවරයා ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාට පැවැසූ බවත්, යුද්ධය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ස්ථාවරය පැහැදිලි කළ බවත් විදෙස් මාධ්‍ය පවසයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටී. ට්‍රම්ප් සහ පුටින් අතරේ ද අවස්ථා කීපයකදී දුරකතන සන්වාද පැවැත්වුණු නමුත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට හැකියාවක් ලැබී නැත.
පුටින් හරිම මුරණ්ඩු තැනැත්තකු බවත්, රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට ඔහු අදහස් නොකරන්නේ නම්, රුසියාවට තව තවත් සම්බාධක පනවන බවත් ජනාධිපති ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර තිබේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකා රාජ්‍ය ලේකම් රුසියන් විදෙස් ඇමැති හමුවක්