ජාතික ආරක්ෂක ඒජන්සිය සිදු කරන ඔත්තු බැලීම් සීමා කරන ලෙසටත්, දුරකතන සංවාද හොරෙන් අසා සිටීම නවත්වන ලෙසටත් බලකරමින්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පසුගිය දින කිහිපයේ විරෝධතා රැලි කිහිපයක් පැවැත්විණි.
විරෝධතා රැලි සංවිධානය කර තිබුණේ, ඇමෙරිකන් මානව හිමිකම් සුරැකීමේ සංවිධානයයි. ඒ අතරින් ප‍්‍රමුඛත්වයක් ගෙන සිටියේ ‘ඉලෙක්ට්‍රොනික් ෆ‍්‍රන්ටියර්’ පදනම යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.
විරෝධතා රැුලියට 5,000 කට ආසන්න ඇමෙරිකානුවෝ පිරිසක් එක් වී සිටියහ. ඇමෙරිකානු රජය, ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත්වෙමින්, ඔත්තු බැලීමේ කටයුතු සඳහා, ‘පේට්රියොට් ඇක්ට්’ පනත යටතේ නව නීති සකස් කළේ මීට වසර 12 කට පෙරය. ඒ, 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුවය.
එවැනි සිදුවීමක් යළි සිදුනොවීම වැළැක්වීමට ඇමෙරිකා රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය එරට එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සියේ උදව් ඇතිව ඔත්තු බැලීම් සිදු කරයි.
එම ඔත්තු බැලීම් ඇමෙරිකාවට පමණක් සීමා වී නැත. මුළු ලෝකය පුරාම එම ඔත්තු බැලීම් කි‍්‍රයාත්මක වෙයි.
මේවනවිට එම ඔත්තු බැලීම් හේතුවෙන් ඇමෙරිකාවට ඇමෙරිකාවේ මිතුරු රටවලින් දොස් අහන්න පවා සිදුවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1071
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා රජයට එරෙහිව වොෂින්ටනයේ විරෝධතා රැලි