IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇමෙරිකා ප‍්‍රහාරයක් එල්ලවේයැයි බියෙන් ඉරානයේ න්‍යෂ්ටික කටයුතු භූගත බංකරයක

ඇමෙරිකාවෙන් ගුවන් ප‍්‍රහාරයක් එල්ලවේවියැයි බියෙන්, ඉරානය මින් ඉදිරියට ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු කඳුකරයේ පිහිටි භූගත බංකරයක සිදුකිරීමට බලාපොරොත්තු වන බව වාර්තාවේ. ඒ සඳහා ෂියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධ නගරයක් ලෙස සැලකෙන කොම් නගරය අසල පිහිටි කඳුකරය තෝරා ගෙන ඇති බව ද ඉරාන රජය පවසයි. රුසියාවේ ද සහාය ඇතිව ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කළේ රටේ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණ ඇතිවය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ගණනාවක් පවසන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය. එහෙත් ඉරානය එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරයි. එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති අධිකාරිය පසුගියදා එළිදැක්වූ වාර්තාවක ද සඳහන්ව ඇත්තේ ඉරානය හොර රහසේ න්‍යෂ්ටික අවි නිපදවන බවට තොරතුරු අනාවරණය වී ඇති බවය. පසුගියදා ඇමෙරිකා හමුදාවේ ඔත්තු බලන නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් ඉරාන හමුදාව අතට පත්විය. එම යානය ආපසු දෙන්නැයි ඇමෙරිකා රජය ඉල්ලීමක් කළ ද ඉරානය එය ප‍්‍රතික්ෂේප කළේය. ඉරානය පවසන්නේ තමන්ගේ න්‍යෂ්ටික බලාගාර ගැන ඔත්තු බැලීමට ඇමෙරිකාව එම යානය එවූ බවය. කිසිදු හානියක් නොවී යානය ඉරාන හමුදාව අතට පත්වූයේ කෙසේ ද යන්න ඇමෙරිකාවට ලොකු ප‍්‍රශ්නයක් වී ඇත.



අදහස් (0)

ඇමෙරිකා ප‍්‍රහාරයක් එල්ලවේයැයි බියෙන් ඉරානයේ න්‍යෂ්ටික කටයුතු භූගත බංකරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site