IMG-LOGO

ඇමෙරිකා නාවික හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, නාවික හමුදා පද්ධති මූලස්ථාන ගොඩනැගිල්ලට පෙරේදා (16) උදෑසන කඩා වැදුණු තුවක්කුකරුවකු ඉවක් බවක් නැතිව කළ වෙඩි තැබීමකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බරපතල තුවාල ලැබූ අට දෙනෙක් රෝහල් ගත කෙරුණාහ.

වෙඩික්කරු ඇලෙක්සිස්


වෙඩි තැබීම සිදුවී ඇත්තේ ඇමෙරිකානු වේලාවෙන් උදෑසන 8.20 ට පමණි. තුවක්කුකරු පැය 3 කට ආසන්න කාලයක් තිස්සේ ගොඩනැගිල්ල තුළ ඇවිදිමින්, දකින දකින පිරිසට වෙඩි තබා ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

තුවක්කුකරු නවීන ගිනි අවි තුනකින් සන්නද්ධ වී සිටි බව ද පැවැසෙයි. පොලිසිය ඔහු කොටු කළ අවස්ථාවේ, ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර, පොලිස් නිලධාරීන් පෙරළා කළ වෙඩි තැබීමෙන් තුවක්කුකරු ජීවිතක්ෂයට පත් වූයේය.

එෆ්.බී.අයි. පරීක්ෂකයන් තුවක්කුකරුගේ විස්තර මාධ්‍යවලට නිකුත් කර ඇති අතර, තුවක්කුකරු ඇරොන් ඇලෙක්සිස් නමැති 34 හැවිරිදි කළු ජාතිකයකු බවත් ඔහු හිටපු නාවික හමුදා සෙබළකු බවත් අනාවරණය විය.

2011 වසරේ දී ඔහු හමුදාවෙන් නෙරපා දමනු ලැබ ඇත. ඒ, ඔහු සිය ගිනි අවිය පෙන්වමින් සිවිල් වැසියන් පිරිසකට කළ තර්ජනයක් හේතුවෙනි.
ඇරොන් ඇලෙක්සිස් වියරු වැටී වෙඩි තබන්න ඇත්තේ ඔහු මානසික ආතතියෙන් පෙළුණු අයකු වූ නිසා යැයි පොලිසිය අනුමාන කරයි. එෆ්.බී.අයි. පරීක්ෂකයන් කියා සිටියේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන බවය.

 

වෙඩිතැබීම සිදුවූ නාවික හමුදා ගොඩනැගිල්ලට පොලිස් ආරක්ෂාව

 



අදහස් (0)

ඇමෙරිකා නාවික හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ වෙඩි තැබීමක්

අර්ෂා Wednesday, 18 September 2013 10:32 AM

ඉතින් සමහර මෙහි ඉන්න අන්තවාදීන් කියයි දැන් අල්කයිඩා / මුස්ලිම් අන්තවාදය මෙය පිටුපස ඇති කියා. (ස)

:       0       0

සම්පත් Wednesday, 18 September 2013 10:40 AM

පුදුමේ කියන්නේ ඉස්ලාම් අන්තවාදීන් ගෑවිලා නැති එකනේ. (ස)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 18 September 2013 11:02 AM

දිට්ට ධම්ම වේදනයයි . භයෙත් බැහැ ටික කාලෙකට පස්සේ කියයි මුස්ලිම් කියලා. (ස)

:       0       0

රත්න Wednesday, 18 September 2013 11:02 AM

අර්ෂා, අපි කියන්න ඕන නැහැනෙ ඔයාටම මතක් වෙලා නෙ. ඉස්ලාම් කියූ පමණින් දැන් ත්‍රස්තවාදය මතක් වෙනවා. ලෝකෙ මොන රටද ඉස්ලාම් කාරයෝ ඉන්නවා නම් සැනසීමෙන් ඉන්නෙ? ඔයා නම් කරන වෙනත් ඕනා ආගමක් අරන් බලන්න.. ඔවුන්ට ඉස්ලාම් වාදයක්.... ත්‍රස්තවාදයක්. (ස)

:       0       0

කුමාරන Wednesday, 18 September 2013 04:59 PM

මේ වර්ගයේ අය අපේ රටෙත් කරක් ගහනවා. බොහොම පරිස්සමෙන්.හරිම භයනකයි.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 18 September 2013 05:46 PM

සැප්තැම්බර් කියද්දිත් ඇමරිකාව හොල්මන් (නි)

:       0       0

අර්ෂා Wednesday, 18 September 2013 11:53 AM

රත්න, නිකන් මෝඩයෙක් වගේ අදහස් දාන්න එපා ලෝකයට ඔය ත්‍රස්තවාදය ලේබලය හදුන්වා දුන්නේ බටහිර ප්‍රබල මාධ්‍ය. අනික ඉස්ලාම් රටවල් බොහොමයක් දැන් අරගල කරන්නේ මේ බටහිර අත පෙවීම් වලින් නිදහස් වන්න බව මතක තියා ගන්න.(නදී)

:       0       0

සෑම් Wednesday, 18 September 2013 06:25 PM

මේකට ඇමෙරිකන් නීතිය තමා වැරදි. මොකට සිවිල් වැසියන්ට තුවක්කු තියාගන්න අනුමත කරනවාද?මම කියන්නේ ළගදීත් මේ වගේම සිද්ධියක් වුණා මතකයි නේද? ඒකත් මේ වගේම මිනිහෙකුට දුන් තුවක්කුවක් නිසා වූ දෙයක්. (නි)

:       0       0

සීස් Wednesday, 18 September 2013 01:47 PM

ජාතිවාදය නැතුව අපි සැවොම සාමයෙන් ඉමු.(නදී)

:       0       0

අනුර Wednesday, 18 September 2013 02:24 PM

අනේ අර්ෂා පව්. (ස)

:       0       0

මහේෂ් Tuesday, 01 October 2013 10:00 PM

පුදුම වැඩේනේ,මෙතන අල්ලා ඉදලා නැද්ද? (නි)

:       0       0

කෝසල Wednesday, 18 September 2013 09:47 AM

මේ සිදුවීමත් ඇමරිකාවට හොඳ හොලිවුඩ් චිත්‍රපටියක් හදන්න හේතුවක් වෙයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 54 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 534 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 67 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 41 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 106 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 3026 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1409 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1611 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 419 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site