IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඇමෙරිකා තානාපතිට පිහි ප්‍රහාරයක්

දකුණු කොරියාවේ ඇමරිකානු තානාපති මාර්ක් ලිපර්ට් සෝල් නුවරදී අද (05 දා ) පුද්ගලයෙක් විසින් එල්ල කරණ ලද පිහිපහරවලින් තුවාල ලබා රෝහල් ගත කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලිපර්ඩ් මහතා (42 ) මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ උදෑසන භෝජන සංග්‍රහයකට සහභාගි වෙමින් සිටින විටදීය. මෙම ප්‍රහාරයෙන් ඔහුගේ මුහණට සහ දකුණු අතට තුවාල සිදුවී තිබේ. කෙසේ නමුත් මෙම තුවාල හේතුවෙන් ඔහුට ජීවිත  අනතුරක් නොමැති බවද සඳහන් වේ.

මෙම ප්‍රහාරය ඇසින් දුටුවෙක් පැවසුවේ 55 හැවිරිදි ප්‍රහාරකයා උතුරු දකුණු කොරියා එක්සත් කල යුතු යැයි කෑගසමින් සිටි බවයි. ආරක්ෂක නිලධාරින් විසින් මෙම ප්‍රහාරය එල්ල කරණ ලද තැනැත්තා දමනය කර අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු කොරියානු ජනාධිපති පාර්ක් ග්වුයින් හේ පවසා ඇත්තේ මෙම ප්‍රහාරය දකුණු කොරියාව සහ ඇමරිකාව අතර පවතින මිත්‍රත්වයට එල්ල කල ප්‍රහාරයක් බවයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම ප්‍රහාරය තරයේ හෙළා දැක තිබේ.

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා දුරකතනයෙන් ලිපර්ඩ් අමතා ඉක්මනින්ම යථා තත්වයට පත්වේවායි සුභ පැතු බව ඇමරිකානු ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක බර්නාඩෙටී මීහන් පවසා තිබේ.



අදහස් (0)

ඇමෙරිකා තානාපතිට පිහි ප්‍රහාරයක්

සිරි අයියා Saturday, 07 March 2015 10:11 AM

නිපුන් දන්නෙ නැහැ වගේ දකුණු කොරියාවෙදි බල්ලන්ට වෙන වැඩේ. (අ)

:       0       0

නිපුන් Friday, 06 March 2015 02:16 PM

ලංකාවේ අය මෙලෝ දෙයක් නොදැන කොමන්ට් දානවා... දකුනු කොරියාව උතුරු කොරියාවෙන් බේරිලා තියෙන්නේ ඇමරිකාවට පින්සිද්ධ වෙන්න... කොරියා ගියපු ඔනෑම කෙනෙක් දන්නවා උතුරු කොරියාවේ මිනිස්සුන්ට වඩා දකුනු කොරියාවේ බල්ලන්ටත් හොදට කන්න ලැබෙන බව...(නදී)

:       0       0

දුමින්ද Friday, 06 March 2015 04:20 AM

වෛරී වැඩවලට වෛරී පිළිතුරක්ද? (දිල් )

:       0       0

සොපී Saturday, 07 March 2015 04:02 PM

වපුරපු දේවල් කපා ගන්නවා වගෙයි. (ර)

:       0       0

ඇසළ Friday, 06 March 2015 06:05 AM

අනවශ්‍ය විදියට වෙන රටවල් වලට ඇගිලි ගහන්න ගිහින් ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 606 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site