IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ඇමෙරිකා ජනපති ඔබාමා සිහිසුන් වූ ගැබිනි මව අල්ලා ගනී

ඇමෙරිකාවේ අයවැය අර්බුදයට හේතුවක් වූ තම සෞඛ්‍ය ආරක්ෂක පනත ගැන ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා පෙරේදා (21) ධවල මන්දිරයේ දී විශේෂ දේශනයක් පැවැත්වීය.

දේශනය පැවැත් වෙද්දී, ඊට සම්බන්ධ වී සිටි ගැබිනි මවක සිහිසුන්ව ඇද වැටීමට ගිය අවස්ථාවේදී, ජනපති ඔබාමා වහා කි‍්‍රයාත්මක වී ඇය අල්ලා ගත්තේය. ඔබාමා ඇය අල්ලා නොගත්තේ නම් ඇය ඇද  වැටීමට ද ඉඩ තිබුණි.

සිහිසුන්ව ඇද වැටීමට ගියේ සැන් ඩියේගෝහි පදිංචි කාමෙල් ඇලිසන් නම් කාන්තාවය. ඇය දියවැඩියා රෝගියෙක් ද වෙයි.

ඒ නිසා ඇමෙරිකාවේ දැනට කි‍්‍රයාත්මක වෛද්‍ය ක‍්‍රමය යටතේ  ඇයට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම දුෂ්කරය. කෙසේ නමුත් ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂක පනත යටතේ ඇයට ද සෞඛ්‍ය රක්ෂණයක් ලැබී ඇත. ඇය දේශනයට එක් වී සිටියේ ඔබාමාට ඇගේ කෘතඥතාව පළ කිරීමට යැයි ද ඇමෙරිකන් පුවත් සේවා කියා සිටියේය.

කාමෙල් ඇලිසන් අල්ලා ගත් අවස්ථාවේදී ඔබාමා රැස්ව සිටි පිරිසට කීවේ, තම දේශන දිග වැඩි බවත් බොහෝ දෙනා ඒවා අසා සිටීමෙන් සිහිසුන් වන බවත්ය.
 



අදහස් (0)

ඇමෙරිකා ජනපති ඔබාමා සිහිසුන් වූ ගැබිනි මව අල්ලා ගනී

දේවී Wednesday, 23 October 2013 10:11 PM

මටත් පුදුමේ කියන්නේ මට අර මූණු සයයි,අත් දොලසයි කතාව මතක් වෙනවා . වටේ ඉන්න අයට කිසිම ගානක් නැහැ . ඔබාමාගේ ඇස ට විතරක් මේක අහු උනේ කොහොමද?(දිල්)

:       0       0

දර්ශන් Wednesday, 23 October 2013 03:08 PM

දේශපාලනය කරන්න විවිධ හැකියාවන් තිබිය යුතුයි. විශේෂ හැකියාව තමා රඟපෑමේ හැකියාව.එම නිසා විශාල නළු නිලියන් දේශපාලනයට සම්බන්ධ වන්නේ. (ස)

:       0       0

එදිරිසිංහ ඉන්දික Wednesday, 23 October 2013 11:28 PM

ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්න බැහැ (නි)

:       0       0

ලලිත් Thursday, 24 October 2013 12:27 AM

ලංකාවෙත් දේශපාලකතුමාලගේ උත්සව වලට ගෙන්වන පාසල් ළමයි කොයිතරම් ඔය විදියට සිහිනැතිව වැටෙනවද? (නි)

:       0       0

කුමාරි Wednesday, 23 October 2013 10:27 AM

ඔබාමා මහත්තයාගේ ළඟින්මනේ මෙයා ඉඳලා තියෙන්නේ. නිකන් සුදානම් කල වැඩක් වගෙයි. (ස)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 23 October 2013 04:23 PM

අපෙන් ඉගෙන ගත්තු ඒවා තමයි ඔය. (ස)

:       0       0

නිශාර්ඩ් Wednesday, 23 October 2013 04:55 PM

වටේටම ඉන්න කට්ටියගෙ හැසිරීම් රටාව දැක්කහම මට හිතෙනවා ඔබාමා කතා කරන අවස්ථාවන් වල මිනිස්සු ක්ලාන්තය හැදිලා වැටෙන එක සාමාන්‍ය සහ බොහොම සුලබව සිදුවෙන දෙයක් හැටියට. (ස)

:       0       0

නිමල් Wednesday, 23 October 2013 11:24 AM

කලින් සුදානම් කරලා කරපු වැඩක් තමයි මේක. ඉස්සරහට තව තව අය සිහිසුන් වෙයි ඔය විදිහට ලොකෙන්ම ණයට අරන් කන්න ගියාම. (ස)

:       0       0

වින් Friday, 25 October 2013 10:02 PM

ඔබාමා ගැබිනිය දිහයි බලන් ඉඳල තියෙන්නෙ.(අ)

:       0       0

කැලුම් Wednesday, 23 October 2013 11:25 AM

මේකත් ලංකාවේ වැඩක් වගේමයි. (ස)

:       0       0

ද සිල්වා Wednesday, 23 October 2013 05:07 PM

පනත සම්මත කරගන්න බැරි පාර්ලිමේන්තුවේ බහුතරය නැති නිසානේ ? ඔච්චර දඟලන්න අවශ්‍ය නැහැ. අපි කියලා දෙන්නම් කරන්න අවශ්‍ය දේ (නි)

:       0       0

ඉන්දික Wednesday, 23 October 2013 11:27 AM

කුමාරි, මටත් ඕක හිතුනා. අපෙන් ඉගෙන ගෙනද කොහෙද? දේශනය තිබ්බේ ඒ ගැණු කෙනා ළඟ හිටගෙනද ? (ස)

:       0       0

දයා අලහකෝන් Wednesday, 23 October 2013 11:28 AM

මෙතන අපැහැදිලි ඝට්ටනයක් තිබෙනවා වගෙයි මටත් පෙනෙන්නෙ. (ස)

:       0       0

සම්පත් Wednesday, 23 October 2013 11:34 AM

ඔබාමා ආපස්සටත් හැරිලා කාන්තාව අල්ලා ගනිද්දි ලඟම ඉන්න කෙනා අත් දෙකත් බැඳන් බලන් ඉන්නවා .... පිටුපස පෝලිමත් එසේම තමයි. . . . අර වයසක ගෑණු කෙනා විතරයි හැරිලවත් බලන්නේ .... අනේ මන්දා මිනිස්සු .... (ස)

:       0       0

සුගත් Wednesday, 23 October 2013 11:47 AM

ඉදිරිය බලාගෙන කතා කරන ඔබාමා කෙසේද පිටුපස සිටින ගැබිනිය සිහිසුන් වෙනවා දැක්කේ .....? (ස)

:       0       0

දුමිත් Wednesday, 23 October 2013 05:27 PM

කොහොමහරි ඔබාමා කරන්න යන්නේ රට වෙනුවෙන් හොද දෙයක්. (නි)

:       0       0

ජනා Wednesday, 23 October 2013 11:59 AM

ඔබාමා පට්ට නළුවෙක් වගේ. (ස)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 23 October 2013 05:59 PM

ඉස්සරහට තව තව අය සිහිසුන් වෙයි ඔය විදිහට ලෝකෙන්ම ණය ගන්න ගියාම. (නි)

:       0       0

මොහාන් Wednesday, 23 October 2013 12:38 PM

ඕනෑම සාර්ථක මිනිසෙකු පිටුපස ගැබිණි මාතාවක් ඉන්නවා කියලා දැන් වෙනස් කරන්න වෙයිද මන්දා ඒ කියමන? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 23 October 2013 12:56 PM

2014 දී අපේ අයවැය වාර්තාව කියවනවිටත් ගැබිණි මවුවරුන් හා සංවේදී අය එය නැරඹීමෙන් වැළකීම ශරීර සෞඛ්‍යයට හිතකරයි කියා සිතමි. (නි)

:       0       0

කමල් Wednesday, 23 October 2013 02:14 PM

මේකේ ලියන අයට අමු කැවිලා වගේ. මේ පින්තූරය අරගතේ ඊට පස්සේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 889 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 97 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 89 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1332 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1735 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2800 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1198 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1498 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site