IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ඇමෙරිකා ආරක්ෂක අංශ පාප්තුමා ගැනත් ඔත්තු බලලා

ඇමෙරිකානු රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා ශුද්ධෝත්තම පාප්තුමාගේ දුරකතන ඇමැතුම්වලට ද හොරෙන් කන් දී එතුමන් ගැනද ඔත්තු බලා ඇතැයි ඊයේ (31) අනාවරණය විය.
 

ඔබාමා

එම තොරතුරු අනාවරණය වූයේ, ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු පරිගණක කි‍්‍රයාකරු, එව්ඩඞ් ස්නෝව්ඩන් ලබා දුන් රහස් විස්තර වාර්තා, ඉතාලි මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධ වීමට පටන් ගැනීමත් සමඟය.

ඇමෙරිකා රජය වත්මන් පාප්තුමන් වන ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ගැන පමණක් නොව, ඊට පෙර පාප්තුමන් ලෙස කටයුතු කර, ඉල්ලා අස්වුණු 16 වැනි බෙනඩික් පාප්තුමන් ගැන ද ඔත්තු බලා ඇති බව ඉතාලි මාධ්‍ය අනාවරණය කර ඇත.

එම පුවත සැලවීමත් සමඟ, ලොව බිලියන 1.2 ක් වූ කතෝලික ප‍්‍රජාව ඒ ගැන සිය අප‍්‍රසාදය සහ කනස්සල්ල පළ කර ඇති බව ද වාර්තා වේ.
ඇමෙරිකානු සී.අයි.ඒ සංවිධානය ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ගැන ඔත්තු බැලීම් ආරම්භ කර ඇත්තේ 2005 වසරේ සිටය. ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ආජන්ටිනා ජාතිකයෙකි.

ඇමෙරිකා රහස් වාර්තාවල දැක්වෙන ආකාරයට, පාප්තුමන් ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර අගදරගුරු ලෙස කටයුතු කළ අවස්ථාවේ පවා, ඇමෙරිකා බුද්ධි අංශ ඔහු ගැන විමසිල්ලෙන් පසු වී ඇත.

පාප්තුමන් ගැන ඔත්තු බැලූ බවට එල්ල වන චෝදනා, ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය තරයේ ප‍්‍රතික්ෂේප කරයි. කෙසේ නමුත් ලෝක නායකයන්ගේ දුරකතන සංවාදවලට කන් දුන් බව ඔවුන් ප‍්‍රතික්ෂෙප කර නැත.

ලෝක නායකයන්ගේ දුරකතන සංවාදවලට හොරෙන් කන් දීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් සභාව ඉදිරියේ කරුණු දක්වමින්, ජාතික ආරක්ෂක ඒජන්සියේ ප‍්‍රධානී ජනරාල් කීත් ඇලෙක්සැන්ඩර් පවසා ඇත්තේ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් එම ඔත්තු බැලීම් කළ බවය.

ඇමෙරිකාවේ එම නීතිවිරෝධී ඔත්තු බැලීම් සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාට දොස් අහන්න සිදුවී ඇත. ජනපති ඔබාමා පවසා ඇත්තේ, ඇමෙරිකා ආරක්ෂක අංශ මීට වඩා ‘විනයානුකූලව’ කටයුතු කළ යුතු බවය.

ජර්මනිය, ප‍්‍රංශය වැනි යුරෝපා රටවල් මෙන්ම බ‍්‍රසීලය ද ඇමෙරිකාව සිදුකළ එම නීතිවිරෝධී ඔත්තු බැලීම් ගැන සිය අප‍්‍රසාදය පළ කර ඇත.
ඇමෙරිකා රජය, අන්තර් ජාතික නීති උල්ලංගනය කරමින්, එරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් යැයි පවසා, ලෝක නායකයන් ගැන සිදු කරන ඔත්තු බැලීම් වහා නැවැත්විය යුතු යැයි බල කරන ජර්මනිය ප‍්‍රංශය මෙන්ම බ‍්‍රසීලය ද එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටී.

ඔත්තු බැලීම්වලට විරෝධය පෑමක් වශයෙන්, යුරෝපා සංගමයට අයත් රටවල් ඇමෙරිකාව සමඟ ඇති වෙළෙඳ සබඳතා අත්හිටුවීමට සූදානම් වන බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

 



අදහස් (0)

ඇමෙරිකා ආරක්ෂක අංශ පාප්තුමා ගැනත් ඔත්තු බලලා

ජ. තිසර Friday, 01 November 2013 03:57 PM

"ගූගල්" පවා අපි දමන මේ සුළු ප්‍රතිචාර කොපි කරයි. "ගූගල්" මුල් වෙබ් අඩවියට ගොස් ඔබේ නම යොදා බලන්න. ලොකු දේවල් ගැන කවර කතාද. (ස)

:       0       0

නාරද Friday, 01 November 2013 10:16 AM

"ජර්මනිය ප‍්‍රංශය මෙන්ම බ‍්‍රසීලය ද එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටී." පව් ඇමෙරිකාව....විහිළු සපයනවා. (ස)

:       0       0

ප්‍රදීප් Friday, 01 November 2013 11:07 AM

අපේ කාවවත් එහෙම කරලා නැද්ද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

ශලිනි Friday, 01 November 2013 11:33 AM

කොහේවත් කියලා අහලා ඔත්තු බලන්නේ නෑ.එඩ්වඩ් ස්නෝව්ඩන් ඔය අනාවරණය කරලා දැං ගොඩක් කල්, දැනුයි ඉතාලිය ඒවා කියවලා තියෙන්නේ.දැං ඕක මහා ලොකු දෙයක් විදිහට පෙනුනට තව ටික දවසකින් ඔහොම දෙයක් වුනාද කියලත් මිනිස්සුන්ට අමතක වෙනවා. (ස)

:       0       0

තුසිත Friday, 01 November 2013 05:33 PM

නමුත් මෙවැනි ප්‍රාථමික ච‍ර පුරුෂ සේවාවක් පවත්වා ගෙන යාම පිළිබදව ඔවුන් ලැජ්ජා විය යුතුය. (නි)

:       0       0

පෙත්තා Friday, 01 November 2013 05:47 PM

රහස් වක්කඩේ දාලා, සොරොව්ව ඇරියම දෝරේ යනවා. (නි)

:       0       0

කමල් Friday, 01 November 2013 01:57 PM

අපේ රටෙත් අර ලග තියන රටක අය ඔත්තු බලනවා කිව්වා නේද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 896 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 97 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 89 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1332 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1736 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2801 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1198 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1498 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site