නිමාවට පත්වුණු එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සැසිවාරයේදී, ඉරාන ජනාධිපති හසන් රොව්හානී ඇතුළු නියෝජිත පිරිස සහ ඇමෙරිකා නියෝජිත පිරිස අතර පැවැති සාකච්ඡා ‘සුදුසු පරිදි’ සිදු නොවුණු බවත්, ඉරාන ජනපති ඇතුළු කණ්ඩායම කඩිනම් තීරණ ගත් බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කොමේනී කියයි.
ඉරාන විප්ලවයෙන් පසු, ඉරානයේ පවතින්නේ ඉස්ලාම් දහම පාදක කොට ගත් දේශපාලන ක‍්‍රමවේදයකි.
උත්තරීතර නායක අයතුල්ලා කොමේනී සහ ඔහුගේ නායකත්වයෙන් යුත් උත්තරීතර පාලක මණ්ඩලයට, ජනපති ධුරය ඉක්මවා ගිය සුපිරි බලතල හිමි වී ඇත.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැති 68 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල් කොට ගනිමින්, ඉරානය සමඟ ගැටුම් ඇති කර නොගන්නා බවත්, එම න්‍යෂ්ටික වැඩසටහන නිසා හටගත් අර්බුදය රාජතාන්ති‍්‍රක මට්ටමින් විසඳා ගැනීමට කටයුතු කරන බවත් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා අවධාරණය කළේය.
ජනපති ඔබාමා එසේ කියා සිටියේ ඉරාන විදේශ ඇමැති මොහොමඞ් ජවාඞ් සරීෆ් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පමණක් නොව බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් සමඟ ද සාකච්ඡුා පැවැත් වූ නිසාය. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ‘සෘජු සාකච්ඡුාවක්’ පැවැත්වූ පළමු අවස්ථාව වූයේ ද එයයි.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැති එම මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමෙන් පසු, යළි සිය රට පැමිණි ඉරාන ජනපති හසන් රොව්හානිට විරෝධතාකරුවන්ගෙන් කුණු බිත්තර සහ සපත්තු ප‍්‍රහාරයක් එල්ල විය. ප‍්‍රහාරය එල්ල වූයේ රොව්හානි, ගුවන් තොටුපොළේ සිට සිය රිය පෙරහරින් ජනපති මන්දිරය බලා ගමන් කරමින් සිටිද්දීය.
විරෝධතාවට සියයකට වැඩි දැඩිමතධාරී කි‍්‍රයාකාරීහු පිරිසක් සහභාගී වී සිටියහ. විරෝධය එල්ල වුණේ ජනපති රොව්හානි, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට මහා මණ්ඩල සමුළුව අතරතුරේ දී උත්සහ ගැනීමය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇමෙරිකාව සමඟ සාකච්ඡා ‘සුදුසු පරිදි’ සිදුවුණේ නැහැ
කමල් Wednesday, 09 October 2013 02:39 PM
රොෂාන්, මේ මිනිස්සු සාමයට මෙතරම් වෛර කරන්නේ ඇමරිකන් සාමය සැබෑ සාමයක් නොවන නිසා වෙන්න ඇති(දිල්)
කුමාරි Wednesday, 09 October 2013 01:11 PM
අද යහපත යනු කුමක්දැයි තේරුම්ගන්න නොහැකි සමාජයක් තමයි ලෝකය පුරාම පැතිරී තිබෙන්නේ (නි)
රොෂාන් Wednesday, 09 October 2013 01:13 PM
මේ මිනිස්සු සාමයට මෙපමණ වෛර කරන්නෙ ඇයි කියා හිතාගන්න බැහැ. (නි)