ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් ‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් කර අවසන් ධවල මන්දිරය නිවේදනය කරයි.
ජූලි මස 4 වැනිදා වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් සියයට 70කට ‘කොවිඩ්-19’ එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලබා දී අවසන් කරන බව ජෝ බයිඩන් පරිපාලනය ඉලක්කයක් ලබාදුන් අතර ඊට සති හයකට පෙර මෙලෙස වැඩිහිටියන්ගෙන් අඩකට වැඩි පිරිසක් සම්පූර්ණයෙන් එන්නත්කර අවසන් කිරීමට ඇමෙරිකාව සමත්ව ඇත.
කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල්, ජනපද නායකයන්ට සහ ඊට පහළින් සිටින නිලධාරීන් එන්නත් ලබා නොගත් පිරිසට එන්නත් ලබාදීමේ අභියෝගාත්මක කාර්යභාරයකට මුහුණ දී සිටියි. වැඩිහිටියන්ට එන්නත් ලබාදුන්න ද ඇමෙරිකාවේ බොහෝදෙනා තවමත් එන්නත් ලබාගැනීමට බියක් මැලිකමක් දක්වති. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එන්නත්කරණය සම්බන්ධයෙන් ව්‍යාප්ත වී තිබෙන දුර්මත සහ දුස් තොරතුරු ය.
ඇමෙරිකාව සිය එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමත් සමඟ එරටින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ද අඩු වී තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
700
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ වැඩිහිටියන්ගෙන් අඩකට එන්නත් ලැබිලා