IMG-LOGO

ඇමෙරිකාවේ ලක්ෂ 10 කට වැඩි පිරිසකට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව දී අවසන්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලක්ෂ දහයකට වැඩි පිරිසකට මේ වනවිට ‘කොවිඩ්-19’ එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් යැයි එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් මහතා පැවැසීය.


‘‘ඇමෙරිකා එක්සත් ජනපදය අද වනවිට සුවිශේෂී සන්ධිස්ථානයක් පසු කර තිබෙනවා. අපි ඇමෙරිකාවේ ජනතාවට කොවිඩ්-19 පළමු මාත්‍රාව ලබාදීම ආරම්භ කළේ මීට දින 10කට පෙරයි. අද වෙද්දි අපි මිලියනයක එන්නත් ලබා දී තිබෙනවා’’ යැයි රොබට් රෙඩ්ෆීල්ඩ් මහතා පැවැසීය.


මේ මාසය අවසන් වනවිට මිලියන 20කට එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට සැලසුම් කළ නමුත් එම ඉලක්කයට ළඟා වීමට නොහැකි වනු ඇතැයි ඇමරිකානු රජයේ ‘කොවිඩ්-19’ එන්නත් වැඩසටහනේ ප්‍රධාන උපදේශක මොන්සෙෆ් ස්ලාවි මහතා පැවැසීය.


ලබන වසරේ පළමු කාර්තුව අවසන් වනවිට ඇමෙරිකාවේ මිලියන 100කට වැඩි පිරිසකටත් දෙවැනි කාර්තුව අවසන් වනවිට තවත් මිලියන 100කටත් එන්නත ලබාදීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කීය.


ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් දෙක එක්ව නිෂ්පාදනය කළ කොවිඩ්-19 එන්නතට දෙසැම්බර් 17 වැනිදා ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අවසරය හිමි වූ අතර ඉන් සතියකට පසු මොඩර්නා සමාගමේ ‘කොවිඩ්-19’ එන්නතට අවසරය හිමිවිය.


ෆයිසර් සමාගම මුල් සතියේදී ඇමෙරිකාවේ ජනපදවලට එන්නත් මාත්‍රා මිලියන තුනක් බෙදාහැරියේ ය.

 
මේ සතියේදී එන්නත් මාත්‍රා මිලියන හයක් බෙදාහැරීමට මොඩර්නා සමාගම සැලසුම් කර ඇති අතර තවත් එන්නත් මාත්‍රා මිලියන දෙකක් බෙදාහැරීමට ෆයිසර් සමාගම සැලසුම් කර ඇත.


‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වූ රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. මේ වනවිට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. මේ වනවිට ඇමෙරිකාව දැඩි ශීත සමයකට ද මුහුණ දෙමින් සිටියි.


ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 320,000 ඉක්මවයි.
 
ඒ.එෆ්.පී.
 
 
055 



අදහස් (0)

ඇමෙරිකාවේ ලක්ෂ 10 කට වැඩි පිරිසකට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව දී අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site