IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාව යන්නේ වැරදි පාරක

'කොවිඩ් 19' වසංගතය හමුවේ ඇමෙරිකාව වැරදි මාර්ගයකට යොමු වී ඇති බවත්, යළිත් වරක් 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ වැඩිවනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන උපදේශකවරයා මෙන්ම ඇමෙරිකා වසංගත රෝග පාලනය සහ වලක්වා ගැනීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානියා ද වන වෛද්‍ය ඇන්තනි ෆවුචි අනතුරු අඟවයි.

'කොවිඩ් 19' ආසාදිතයන් අතින් ඉදිරියෙන් පසුවන්නේ ඇමෙරිකාව වන නමුත්, එන්නත්කරණය වේගයෙන් සිදුවීමත්, නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමත් නිසා පසුගිය මාස කීපයේ ඇමෙරිකානුවන් අතරේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය පාලනය විය.

යළිත් වරක්, 'කොවිඩ් 19' ආසාදිතයන් ඉහළ යෑමට පටන්ගෙන ඇත්තේ සෞඛ්‍ය තහංචි ලිහිල් කිරීමත්, මුහුණු ආවරණ පැලදීම සහ සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් ජනතාව නොසැලකිලිමත් වීම නිසා යැයි ෆචුවි පැහැදිලි කර තිබේ. මේ වනවිට 'ඩෙල්ටා' විකෘතිය ඇමෙරිකාව පුරා ව්‍යාප්තවී ඇත.

'කොවිඩ් 19' සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පනවා ඇති තහංචි ලිහිල් කෙරුණත්, දිගටම මුහුණු ආවරණ පලඳින්න ඕනෑ. සමාජ දුරස්ථභාවය රැක ගන්න ඕනෑ.' යැයි වෛද්‍ය ඇන්තනි ෆවුචි ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා ඇත.

මේ වනවිට ඇමෙරිකාවේ 18 වැඩි සියයට 70 කට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබී අවසන්ය. එසේ වූයේ බයිඩන් පරිපාලනය එන්නත්කරණ වැඩසටහන කඩිනම් කළ බැවිනි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට ඇමෙරිකාවේ කළු ජාතිකයෝ  බොහෝ දෙනෙක් තවමත් එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වති.

එන්නත් ලබා නොගත් ඇමෙරිකානුවන් නිසා එන්නත් ලබා ගත් ඇමෙරිකානුවන් ද අනතුරට පත්වනු ඇති බැවින්, කඩිනමින් එන්නත් ලබා ගන්නා මෙන් වෛද්‍ය ඇන්තනි ෆවුචි ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා තිබේ. මේ වනවිට ඇමෙරිකාවෙන් ඩෙල්ටා වයිරස ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇති බවත්, එසේ ඩෙල්ටා විකෘතිය ආසාදනය වී ඇති වැඩි දෙනා එන්නත් දෙකම ලබා ගත් ඇමෙරිකානුවන් බවත් ෆවුචි ඇමෙරිකානු වැසියන්ට පවසා ඇත.

ඇමෙරිකානුවන් වැඩි පිරිසකට ලබා දී ඇත්තේ 'ෆයිසර්' සහ 'මොඩර්නා' යන ඖෂධ නිෂ්පාදන සමාගම් නිපදවා ඇති 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත්ය. 'ෆයිසර්' සහ 'මොඩර්නා' ප්‍රධානීන් තරයේ පවසා ඇත්තේ 'ඩෙල්ටා' විකෘතිය අඩපණ කිරීමට තමන්ගේ එන්නත්වලට හැකියාව ඇති බවය.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකාව යන්නේ වැරදි පාරක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site