
ඇමෙරිකාවේ යුටා කාන්තරායේ බැටළුවන් නිරීක්ෂණය කළ වනජීවී පර්යේෂකයන් කණ්ඩායමකට අරුම පුදුම ලෝහ කණුවක් හමුවී තිබේ.
ඔවුන් පවසන්නේ, හෙලිකොප්ටර් යානයක නැගී කාන්තාරයේ සිටින බැටළුවන් පිළිබඳ සමීක්ෂණයක් පවත්වමින් ගමන් කරනවිට රතු පැහැති පාෂාණ අතර මේ අරුම පුදුම වස්තුව දැකගත හැකි වූ බවයි.
මෙය කවරකු විසින් කවර කාලයක ස්ථාපිත කරන ලද්දක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. හෙලිකොප්ටර් යානයේ නියමුවා වූ බ්‍රෙට් හචින්ස් දේශීය පුවත් නාලිකාවකට පවසා ඇත්තේ තමන් මේ කාන්තාරයට ඉහළින් වසර ගණනක් පියාසර කළ ද මෙවැන්නක් මින් පෙර කිසිම දිනයක දැක නොතිබූ බවයි.
අඩි 12ක් උසින් යුතු මේ කණුව මුළින්ම දැක ඇත්තේ හෙලිකොප්ටර් යානයේ සිටි ජීව විද්‍යාඥයකු විසිනි.
මේ කණුව ස්ථපිත කරන්නට ඇත්තේ ස්ටැන්ලි කුබ්රික් 1968 දී උධ්‍යක්ෂණ්‍ය කළ 2001 A Space Odyssey චිත්‍රපටයේ රසිකයකු විසින් හෝ නව රැල්ලේ කලා කරුවන් විසින් විය හැකි බවට මතයක් පවතී.
මේ සම්බන්ධ යූටා හි ආරක්ෂක අංශ සමාජ මාධ්‍ය ජාල සටහනක් තබමින් පවසා ඇත්තේ “මේ විශ්මිත දේ සිදුකළ පුද්ගලයාගෙන් දැනගන්න කැමැතියි මේ කුමක්ද කියලා ?” යනුවෙනි.
බහුතරයකගේ මතය වී ඇත්ත් මෙය මූර්ති ශිල්පියකු විසින් ඉදිකරන ලද කණුවක් විය හැකි බවයි.

(බීබීසී ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
710
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2378
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ යුටා කාන්තාරයෙන් අරුම පුදුම ලෝහ කණුවක්
pakeer Wednesday, 25 November 2020 05:23 PM
ආතර් සී ක්ලාක් මහත්තයාගේ 2010 චිත්‍රපටියේ මේ වගේ ස්ථම්භයක් තියෙනවා.