IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇමෙරිකාව මියගිය සොල්දාදුවන්ගේ දීමනාව නවත්වයි

පෙන්ටනය ඇමෙරිකානු හමුදා සොල්දාදුවෙක් මියගිය විට,මියගොස් දින තුනක් ඇතුළත මියගිය හමුදා සාමාජිකයන්ගේ පවුල් වලට ඩොලර් 100,000ක් ගෙවන අතර ලබන වසර සඳහා අයවැය සම්මත කර ගැනීමට අපොහොසත් වීමත් සමඟ එම මුදල් ගෙවීමට නොහැකි වී ඇත.

මේ සම්බන්ධයෙන් කොංග‍්‍රස් මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම ඇමෙරිකා වැසියන්ද  විරෝධය පළකර ඇත.පසුගිය පළමු වැනිදා අයවැය සම්මත කර ගැනීමට නොහැකි වූයේ, ඇමෙරිකානු මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර එකඟතාවක් නොතිබීම මුල්කොට ගනිමිනි.

කථානායක ජෝන් බෝනර් ඔබාමා පාලනය සහ ගෙවීම් මඟහැරීම   දැඩි ලෙස විවේචනය කළ අතර තවදුරටත් ඔහු පවසා සිටිියේ ඔක්තෝම්බර් පළමු වැනිදාට පෙර සම්මත කරගත් නීතිරීති මඟින් මරණ පාරිතෝෂිත ඇතුළු ගෙවීම් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයට පුළුල් බලතල ලබාදුන් බවයි.

ඇමෙරිකාවේ මහජන නියෝජිත මණ්ඩල බහුතර බලය ඇත්තේ ඔබාමාගේ ඩිමොක‍්‍රටික් පක්ෂයට නොව ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයටය.
මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර එකඟතාවක් ඇති නොවුණේ, ජනපති ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂක පනතට මහජන නියෝජිත මණ්ඩලයෙන් විරෝධයක් එල්ල වීමය.

මහජන නියෝජිත මණ්ඩලයේ රිපබ්ලිකන්වරුන් කියා සිටින්නේ සෞඛ්‍ය ආරක්ෂක පනත ඉවත් කර ගැනීමට ඔබාමා කටයුතු කරන්නේ නම්, අයවැය අනුමත කරගැනීමට සහාය දක්වන බවයි.

(වොෂින්ටන්හිදීය - ඒ.පී)



අදහස් (0)

ඇමෙරිකාව මියගිය සොල්දාදුවන්ගේ දීමනාව නවත්වයි

සේරම් Thursday, 10 October 2013 01:03 PM

සල්ලි ඕනේ නම් අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලා ගන්න . ලෝකයේ ලොකුම කැබිනෙට්ටුව සහ ලොකුම වාහන ආරක්ෂක සේවය තිබෙන අපේ රටේ ඕන තරම් සල්ලි තියෙනවා . (දිල්)

:       0       0

හැඩොක් Thursday, 10 October 2013 10:31 AM

ස්වෛරී ප්‍රජාතාන්ත්‍රික අරවද මේවද රාජ්‍ය කිව්වට ඇමරිකාවේ ප්‍රධාන රස්සාව තමයි මිනීමරන එකයි හොරකම් කරන එකයි නොවෑ. එහෙම කරලා සංදර්ශන තියලා අනිත් රටවලට තග දානවා.(දී)

:       0       0

ඉනෝකා Thursday, 10 October 2013 10:46 AM

ලෝකට පරකාසේ, ගෙදරට මරගාතේ ! (දී)

:       0       0

කුමාර Thursday, 10 October 2013 10:54 AM

අන්න හොද වැඩක්

:       0       0

හැරිසන් Thursday, 10 October 2013 03:11 PM

ඇමරිකාවේ ජනතාව කියනවලු මේක ලංකාවේ කුමන්ත්‍රණයක් කියල (ත)

:       0       0

විජේ Thursday, 10 October 2013 11:42 AM

ඕක තම කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය කියල. (ත)

:       0       0

රණා Thursday, 10 October 2013 11:58 AM

තව තෙල් තියන රටක සාමය උදාකරන්න ගියානම් ඒ තෙල් සල්ලි වලින් ගෙවන්න තිබුණා. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site