ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් ඇත.
අද (23) පස්වරු 6 වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 46,728ක් ලෙස දැක්විණි.
බදාදා, එනම් ඊයේ (23) රාත්‍රියෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මරණ 2,139ක් වාර්තා විය.
අද පස්වරු 6 වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබූ කොරෝනා මරණ ගණන 199ක් ලෙස සටහන්ව තිබිණි.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම ආසාදිතයන් ගණනක් හා මරණ ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
අද පස්වරු වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබූ ආසාදිතයන්ගේ ගණන 842,000 ඉක්මවා ගොස් තිබිණි.
‘ද වොෂින්ටන් පෝස්ට්’
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇමෙරිකාවේ කොරෝනා මරණ 46,000 ඉක්මවයි