IMG-LOGO

ඇමෙරිකාවේ කොරෝනා අසාදිතයින් මිලියන 15 ඉක්මවයි

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (9) මිලියන 15 සීමාව ඉක්මවා ගියේය.

ඇමෙරිකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ ආකාරයෙන් ඉහළ යනවිට බ්‍රිතාන්‍ය එරට ජනතාවට ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් යන සමාගම් ද්විත්වය නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත ලබාදීම ආරම්භ කර ඇත.

නව කොරෝනා වයිරස ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය සතියේදී පමණක් ඇමෙරිකාවෙන් වාර්තා වූ මරණ ගණන 15,000ක් යැයි ද ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.

ඇරිසෝනා, ඇලබාමා සහ ඔහායෝ යන ප්‍රාන්තවලින් වාර්තා ගත අයුරින් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වී තිබූ බව ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

තවමත් නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රට වන ඇමෙරිකා එක්සත් ජනපදයයි. මේ වනවිටත් වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

නව කොරෝනා වයිරස ව්‍යාප්තියේ කිසිදු අඩුවක් පෙනෙන්නට නැතැයි පවසන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු ඇඟවීමක් ද කර ඇත.

නත්තල් සමයේදී සහ වසර අවසාන උත්සව සමයේදී රටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වනු ඇතැයි ද ඇමෙරිකානු සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
“අපි යන්නේ බොහෝ අභියෝගාත්මක කාලයකට” යැයි ඇමෙරිකාවේ බෝවෙන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි පැවැසීය. විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සමුළුවක් අමතමින් වෛද්‍ය ඇන්තනි ෆවුචි අඟහරුවාදා දිනයේදී ඒ බව පැවැසීය.

ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නතට ඉදිරියේදී අවසර ලැබෙනු ඇතැයි ද පැවසේ. එම සමාගම් ද්විත්වය සහ මොඩර්නා සමාගම නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත්වලට ඉදිරි සති කිහිපය තුළදී අවසර ලැබෙනු ඇතැයි පැවසේ.

 ෆයිසර්/බයෝඇන්ටෙක් ‘කොවිඩ්-19’ එන්නත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ බලධාරීන් හෙට රැස්වීමට නියමිත ය.
එන්නත්වලට අනුමැතිය හිමි වීමත් සමඟ රෝහල්වලට යම් සහනයක් හිමිවනු ඇතැයි ද සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල් ගත කරන වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබේ.

නව කොරෝනා වයිරස ආසාදනය වීමෙන් සඳුදා,ඉකුත් (7) දිනයේදී පමණක් රෝහල් ගත කෙරුණු පිරිස 101,498ක් වන අතර එය පසුගිය සතිය හා සැලකීමේදී සියයට 16ක වර්ධනයකි.

ෆයිසර්/බයෝඇන්ටෙක් සහ මොඩර්නා කොවිඩ්-19 එන්නත්වලට හදිසි භාවිතය සඳහා වන අවසරය ලද විගස එම එන්නත් මුලින්ම ලබාදෙන්නේ සෞඛ්‍ය සේවකයන්ට බව ද පැවසේ.

ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට අනුව දෙසැම්බර් 8 වැනිදා පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 219,944ක් වන අතර එම පැය 24 දී වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන 2,597කි.

පසුගිය සතියක කාලය සැලකිල්ලට ගැනීමේදී දෛනිකව වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ සාමාන්‍ය ගණන 207,024ක් වන අතර එය ඊට සති දෙකකට පෙර සාමාන්‍ය හා සැසඳීමේදී සියයට 18ක වර්ධනයක් යැයි ද ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි.


රොයිටර් සහ ඇමෙරිකානු පුවත් සේවා ඇසුරිනි
 
 
055 



අදහස් (0)

ඇමෙරිකාවේ කොරෝනා අසාදිතයින් මිලියන 15 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 67 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 982 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site