තම රජයට උතුරු කොරියානු රෙජීමය වෙනස් කිරීමේ කිසිදු උවමනාවක් නැතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මහතා ප්‍රකාශ කරයි.
උතුරු කොරියාවේ ආයුද වැඩසටහන හේතුවෙන් ජාත්‍යන්තරය තුළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙන අතර ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරත් උතුරු කොරියාවේ මිත්‍ර රටවල් වන චීනයත් රුසියාවත් අතර මතභේද ඇති වී තිබේ.
“අපි ඔබේ සතුරෙක් නෙමෙයි. අපි කැමැතියි උතුරු කොරියාව සමඟ සාකච්ඡා කරන්න” යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා තවදුරටත් කීවේය.
උතුරු කොරියාව ජූලි මාසයේදී අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලූ අතර අවසාන වරට ඉකුත් සිකුරාදා (28) අත්හදා බැලූ මිසයිලයට ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට ළඟා විය හැකි බව උතුරු කොරියාව නිවේදනය කළේය.
“අපිට ආණ්ඩු වෙනස් කරන්න ආණ්ඩු පෙරළන්න අවශ්‍යතාවක් නැහැ. උතුරු දකුණු කොරියානු දේශසීමාවට හමුදාව යැවීමට අපට අවශ්‍යතාවක් නැහැ. අපි ඔබේ සතුරෙක් නෙමෙයි. අපි ඔබට තර්ජනයක් නෙමෙයි. හැබැයි අපට තර්ජනයක් එල්ල වුවහොත් අපි ඊට ප්‍රතිචාර දක්වනවා” යැයි ද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා තවදුරටත් කීවේය.
ඒ.එෆ්.පී/රොයිටර් 055
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාව උතුරු කොරියාවේ සතුරෙක් නෙවෙයි