IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමරිකාව උතුරු කොරියාවට යුද ශක්තිය පෙන්වයි

ඇමෙරිකානු ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ තීරයට ආසන්නයෙන් පියාසර කරවූ බව පෙන්ටගනය පවසයි.

සිය යුධ ශක්තිය ප්‍රදර්ශනය කිරීම සඳහා මෙය සිදු කළ බවත් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණ දීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සතුව විවිධ හමුදා ක්‍රියාමාර්ග පවතින බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ.

මෑත ඉතිහාසයේ ඇමරිකානු ප්‍රහාරක යානයක් උතුරු කොරියානු වෙරළාසන්නයෙන් පියාසර කරවූ ප්‍රථම අවස්ථාව මෙය බවත් උතුරු කොරියාවේ සාහසික හැසිරීම් සුළුවෙන් නොතකන බවත් එමගින් අවධාරණය කර ඇත.

ඇමෙරිකාව මෙම නිවේදනය නිකුත් කළේ උතුරු කොරියාවේ විදේශ ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය  අමතා දේශනය පැවැත්වීමට නියමිතව සිටියදී ය.

එම රැස්වීම අමතමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා සිටියේ ඇමරිකාවේ හෝ එහි මිතුරු රටවල ආරක්ෂාවට බලපෑම් කරන්නේ නම් උතුරු කොරියාව විනාශ කිරීමට පසුබට නොවන බවයි.

සුපර්සොනික් බී-1බී වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා දෙකක් මෙලෙස පියාසර කර ඇත.

මෙම නිවේදනය නිකුත් කිරීමට පැය කිහිපයකට පෙර උතුරු කොරියාවේ සුළු භූමිකම්පාවක් ඇතිවූ අතර එය තවත් න්‍යෂ්ටික බෝම්බයක්දැයි සැකයක් ඇති විය. නමුත් එය ස්වාභාවික කම්පනයක් බව පසුව අනාවරණය විය.

(ද ටෙලිග්‍රාෆ් ඇසුරිණි - 085)



අදහස් (11)

ඇමරිකාව උතුරු කොරියාවට යුද ශක්තිය පෙන්වයි

husen-riyad Sunday, 24 September 2017 11:45 AM

වියට්නාමයෙන් කෑවා වගේම උතුරු කොරියාවෙනුත් අමතක නොවන පාඩමක් ඉල්ලන් කයි වගේ.

:       889       1306

ravin Sunday, 24 September 2017 02:33 PM

ඇමෙරිකාව කියන කතාවේ ඇත්ත නැත්ත පිළිගන්න ඕනේ තව දවස් කීපයක් ඉඳලා උතුරු කොරියාවේ හැසිරීම අනුව...

:       130       317

Nandalal DE SILVA - France Sunday, 24 September 2017 05:32 PM

උතුරු කොරියානු නායකයා කියා ගනිමින් පිස්සු කෙළින මේ කොල්ලගේ හිතුවක්කාරකම් එසේ මෙසේ සුළු පටුවෙන් බැහැර කල නොහැකිය. මේයා ජපානයට උඩින් න්‍යෂ්ටික අවි රැඳවු මිසයිල යැවූ බව අමතක නොකල යුතුය. ගණන් වැරදීමකින් හෝ ඕනෑකමින් හෝ මෙවැනි මිසයිලයක් ජපානයට පතිත උනා නම් සිදුවිය හැකි විනාශය හිතා ගන්න වත් පුළුවන් ද ? තෙවැනි ලෝක යුද්ධය ආසියාවෙන් පටන් ගැනීමට ඉඩ නොතැබීම සාමයට ලැදි ලෝක නායකයන් තරයේ සිතට ගත්තත්, චීන හෝ රුසියානු අවවාද සහ ලෝක සම්භාදක නොතකමින් මේ "දිළිඳු රටේ" නායකයා කරන අවි සෙල්ලම වහාම නතර කර යුතු වෙනවා ....

:       1085       1145

Ariyapala Hewage Sunday, 24 September 2017 05:36 PM

ඇමරිකාව ලෝකයේ එකම බලවත වීමම පෘතුවි ගෝලයේ පැවැත්මට ද ප්‍රශ්නයකි. ලෝකයේ බල තුලනයක් තිබිය යුතුය. චීනය, රුසියාව, ඉරානය, උතුරු කොරියාව, වියට්නාමය, ඉරාකය, ඇප්ගනිස්ථානය, සිරියාව, දකුණු ඇමරිකානු රටවල් සහ පකිස්ථානය මේ සදහා එකතුවිය යුතුය.

:       355       756

ගයාන්Monday, 25 September 2017 05:20 AM

ආරියපාල ඔයා දන්න දෙයක් නෑ. ඔයා කියන අනිත් රටවල් වගේ නෙමෙයි උතුරු කොරියාව.

:       224       320

Ariyapala HewagMonday, 25 September 2017 07:44 AM

ඇමෙරිකාව එක වරක් වියට්නාමයෙන් මතක හිටින පාඩමක් ඉගෙන ගත්තා. ඔබලා හිතන්නේ ඇමෙරිකාවට මුළු ලෝකයම් යටත් වී සිටිය යුතුය කියලද? පිළිතුර ඔව් නම්, ස්වාධීන කියලා කිසිම රටකට කියන්න වෙන්නේ නැහැ. අැමෙරිකාවේ ණය උගුලේ හිර වී අතපල්ලෙන් වැටෙන ඉඳුල් කා කා ඉන්නයි වෙන්නේ...

:       109       227

ගයාන්Monday, 25 September 2017 09:05 AM

මේ ළඟදී චීනය, රුසියාව පවා උතුරු කොරියාවට සම්බාධක පනවන්න ඇමෙරිකාවත් එක්ක එකතු වෙලා ඡන්දය පාවිච්චි කලා. ඔයා කියන කිසිම උදාහරණයක් උතුරු කොරියාවට ගැලපෙන්නේ නෑ. ඒ රටේ මිනිස්සු දුක් විඳිනවා ඒ පාලනය නිසා. මිනිස්සු බඩගින්නේ මැරුණත් හමුදාව ශක්තිමත් කරන එ්ක තමා ඒ ගොල්ලන්න්ගේ ප්‍රතිපත්තිය. ඇමරිකාවට වැරැද්දක් කියන්න බෑ. උතුරු කොරියාව කරන වැඩ සුළුවෙන් තකන්න බෑ. එහේ ඉන්න ඒකාධිපති නායකයාව කවුරුහරි මට්ටු කරන්න ඕනෑ. රජ පවුලට පින් සිද්ද වෙන්න... ඒ රටේ මිනිස්සු අවුරුදු 50කින් විතර ලෝකේ දැකලා නෑ. ඇත්තටම ඒ රට එළිමහන් සිර කඳවුරක් වගේ. රටේ කුඩා කොටසකට විතරයි විදුලිය තියෙන්නේ. බාහිර කිසිම සන්නිවේදනයක් නෑ. ඒ ඔක්කොම අස්සේ ලෝකෙටම තර්ජනය කරනවා.

:       66       414

mahee Sunday, 24 September 2017 08:45 PM

සදාම් හුසේන්ලා, ඉඩි අමීන්ලා බටහිර රටවලට තර්ජනය කලාට, පිස්සු විකාර කියෙව්වට රටවල් වලට උඩින් මිසයිල යවනවා වගේ භයානක දේවල් කරන්න ගියේ නැහැ. ඒවා කරන්න හැකියාවක් ඔවුන්ට තිබුනෙත් නැහැ. කිම් ජොං ඒවා කියනවා විතරක් නෙමෙයි, කරනවා. දෙවියන් නැත්නම් යකෙක් හරි ඇවිත් මේ පිස්සු නායකයන්ව මෙල්ල නොකලොත් මුළු ලෝකයම අනතුරේ.

:       374       461

ගයාන් Monday, 25 September 2017 04:51 AM

ඇමරිකාවට වැරැද්දක් කියන්න බෑ. උතුරු කොරියාව කරන වැඩ සුලුවෙන් තකන්න බෑ. එහේ ඉන්න ඒකාධිපති නායකයාව කවුරුහරි මට්ටු කරන්න ඕනෑ. රජ පවුලට පින් සිද්ද වෙන්න ඒ රටේ මිනිස්සු අවුරුදු 50කින් විතර ලෝකේ දැකලා නෑ. ඇත්තටම ඒ රට එළිමහන් සිර කඳවුරක් වගේ. රටේ කුඩා කොටසකට විතරයි විදුලිය තියෙන්නේ. බාහිර කිසිම සන්නිවේදනයක් නෑ. ඒ ඔක්කොම අස්සේ ලෝකෙටම තර්ජනය කරනවා.

:       514       596

Ajith Monday, 25 September 2017 12:52 PM

අපි ලංකාවේ ආණ්ඩුවෙනුත් බැගෑපත්ව ඉල්ලා සිටිය යුතුයි. මේ රටවල් දෙකටම කිසිම අයුරකින් මිසයිල හෝ න්‍යෂ්ටික අවි සැපයීමට කටයුතු නොකළ යුතු බවට....

:       38       74

Suresh Tuesday, 26 September 2017 07:46 AM

ඇමරිකාව ගැන කුහක විදියට බලන්න එපා. ඇමරිකාව නැත්නම් අද මුස්ලිම් අය ලෝකයේම සෙල්ලම් කරනවා

:       0       261

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2369 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site