IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවෙන් ලෝකයට එන්නත් මිලියන 60 ක්

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් මාත්‍රා මිලියන 60 ක් සෙසු රටවල් සමඟ බෙදා ගැනීමට ඇමෙරිකාව සූදානම් වෙයි.

ඇමෙරිකාව මෙසේ විදේශවලට අපනයනය කිරීමට සැරැසෙන්නේ ඇමෙරිකාවේ නිෂ්පාදනය කරන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත්ය. ඇස්ට්‍රාසෙනකා එන්නත් මිලියන 60 ක් සෙසු රටවලට අපනයන කරන බව නිවේදනය කළේ ධවල මන්දිර උපදේශක ඇන්ඩි ස්ලැවිට් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි.

ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ අතින් අංක එක ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවය. කෙසේ නමුත් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සැලකිය යුතු මට්ටමින් අඩුවීමට පටන්ගෙන තිබේ.

ඇමෙරිකානුවන්ට ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ‘ෆයිසර්’, ‘මොඩර්නා’ සහ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතය. රුධිර කැටි ගැසීමේ බියක් හටගෙන ඇති බැවින් ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත මේ වනවිට ඇමෙරිකාවේ තාවකාලිකව නවතා දමා ඇත. ‘ෆයිසර්’, ‘මොඩර්නා’ සහ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත් මාත්‍රා දෙකකින් යුක්ත වන අතර ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත නිපදවා ඇත්තේ එක් මාත්‍රාවක් ලෙසිනි.

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් ඇමෙරිකාවේ නිපදවීම කළත් ඒවා ද ඇමෙරිකානුවන්ට ලබා දීමට එරට ‘ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය’ නිර්දේශ කර නැත. ඇමෙරිකාවේ ඖෂධ නියාමනය සිදුවන්නේ  එරට ‘ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය’ හරහාය.

ඇමෙරිකානුවන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා නොදෙන්නේ රුධිර කැටි ගැසීම් ඇතිවීම සැලකිල්ලට ගනිමිනි. බයිඩන් පරිපාලනය පසුගිය මාර්තුවේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් මාත්‍රා මිලියන 4 ක් කැනඩාවටත් මෙක්සිකෝවටත් අපනයනය කළේය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඇමෙරිකාවෙන් ලෝකයට එන්නත් මිලියන 60 ක්

Sri Lanka Tuesday, 27 April 2021 08:01 PM

පව් ඇමෙරිකාවට නිකන් දෙනවට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site