IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


ඇමෙරිකාවෙන් පළිනොගන්නැයි නේටෝ සංවිධානයෙන් ඉරානයට උපදෙස්

පළිගැනීමට හේතුවන කිසිදු ක්‍රියාමාර්ගයක නියැලීමෙන් වළකින්නැයි නේටෝ සංවිධානය ඉරානයට දැඩි ලෙස අවධාරණය කරයි.

මැදපෙරදිග කලාපයේ විවිධ සන්නද්ධ කණ්ඩායම්වලට ඉරානය සහාය පළ කිරීම හෙළාදකිමින් නේටෝ සංවිධානයේ සාමාජිකයින් එක්ව සිටින බව එම සංවිධානයේ මහලේකම් ජෙන්ස්  ස්ටොල්ටන්බර්ග් මහතා ප්‍රකාශ කළේය.

නේටෝ සංගමයේ හදිසි රැස්වීමකින් පසු බෙල්ජියමේ බ්‍රසල්ස්හිදී ඔහු මාධ්‍ය හමුවේ මෙම අදහස් පළකළේය.

තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හා ප්‍රකෝප කිරීම්වලින් වළකින ලෙස ද ඔහු මෙහිදී ඉරානයට අවධාරණය කළේය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඉතා සමීපව නිරීක්ෂණය කිරීමට ද නේටෝ සාමාජිකයින් එකඟත්වය පළකර ඇත.

(එන්.එච්.කේ. ඇසුරෙනි)

-226-



අදහස් (8)

ඇමෙරිකාවෙන් පළිනොගන්නැයි නේටෝ සංවිධානයෙන් ඉරානයට උපදෙස්

Albert Fernando Tuesday, 07 January 2020 09:01 AM

මේ වෙලාවේ ගත්ත හොඳම තීරණය...............

:       41       0

sriya Tuesday, 07 January 2020 12:24 PM

කවුරු හරි කෙනෙක් ඇමෙරිකාවට නැතිවෙන්න ප්‍රහාරය එල්ල කරයි කියන එක මගේ පැතුමයි. එයට ජාතිභේද නැති ආගම් භේද නෑ...

:       28       134

bandaTuesday, 07 January 2020 01:57 PM

ඇමරිකාවට කෙලින්න ගියපු අය ඔක්කොම කෙළවාගත්තා...

:       97       192

KumarTuesday, 07 January 2020 05:40 PM

ඇමෙරිකාවේ ඉන්න නිසා හැංගෙන්න බිත්තර කටුවක්වත් සොයාගන්න ඕනේ. මෙරට ඉන්න අය සටනට යන්න බය නැති බව කියන්න ඕනේ. යුද්ධයක් පටන්ගත්තොත් ලංකාවේ ඉන්න ඔයගොල්ලෝ බරකරත්ත සූදානම් කරගන්න ගමන්බිමන් යන්න. බොරතෙල් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නතර වනනිසා...

:       31       14

raviWednesday, 08 January 2020 01:19 PM

අද අපේ රටේ.. තෙල්, රත්තරන්, දියමන්ති.. වගේ දේවල් තිබුණා නම් ඉතින් අපිටත් වෙන්නේ මේ ටිකම තමයි.. ඇවිල්ලා ඔක්කොම කුඩු පට්ටම් කරලා දාලා එයාලට අවශ්‍ය දේවල් ලබාගනීවි...

:       0       0

Mahee Tuesday, 07 January 2020 03:26 PM

අනේ ඔය එක්කම කියන්නකෝ... නහී වේරේන වේරානි කියලත්... එහෙම කිව්වායින් ජේ.ආර්.ගේ පිළිරුවක් පවා ජපානයේ ඉදිකෙරුණා. ඉරානය සමහරවිට ට්‍රම්ප්ගේ පිළිරුවක් ඉදිකරන්න ඉඩ තියෙනවා.

:       5       0

ravi Wednesday, 08 January 2020 06:30 AM

ඇමෙරිකාවයි යුරෝපා සංගමයයි = නාටෝ ( ලෝක අයි . ආර් . සී කාරයෝ ) අන්න ඒ නිසා අපි කැමතියි රුසියාවයි , චීනයයි , ඉරානයයි .. එකතුවෙලා මේ ප්‍රශ්නයට නිසි උත්තරයක් දෙනවනම් ......

:       0       23

Kumar Wednesday, 08 January 2020 05:34 PM

ලංකාවේ බොරතෙල් තිබුන නම් ඔයගොල්ලන්ට කියක්වත් ලැබෙන්නේ නැහැ. දේශපාලුවෝ ඒ මුදල් සියල්ලම ඒ අයගේ බැංකු ගිණුම් වලට මොනම ක්‍රමයකින් හරි හරවා ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 588 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site