IMG-LOGO

ඇමෙරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක් !

රුසියන් යුක්රේන යුද්ධයේ දී, හමුදා උපකරණ අවශ්‍ය යැයි රුසියාව චීනයේ සහාය ඉල්ලා ඇති අතර, ඇමෙරිකාව චීනයට පවසා ඇත්තේ රුසියාවට උදව් කිරීමෙන් වැළැකී සිටින ලෙසය.

යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් චීනය රුසියාවට සහාය දක්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, එසේ සහාය දීමක් කළොත් චීනයට ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඇමෙරිකා රජය අනතුරු ඇගවීමක් ද කර තිබේ.

යුක්රේනය සම්බන්ධයෙන් ගත් හමුදා ක්‍රියාමාර්ගයට එරෙහිව ඇමෙරිකාව ඇතුළු රටවල් රුසියාවට සම්බාධක පැනැවීම් සිදු කර තිබේ. එම සම්බාධක මඟහැර යෑමට ද රුසියාවට චීනයේ සහාය අවශ්‍ය වෙයි.

රුසියා ජනාධිපති පුටින් සහ චීන ජනාධිපති ජින්පින් අතරේ පවතින්නේ ශක්තිමත් මිත්‍රත්වයකි. කොන්දේසි විරහිතව රුසියාවට සහාය දෙනවා යැයි චීනය ප්‍රතිඥා දී තිබේ.

(බීබීසී)



අදහස් (3)

ඇමෙරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක් !

Bamunuarachchi Tuesday, 15 March 2022 07:07 AM

බයිඩන්ට අමු කවිලාද?

:       0       0

චන්දන Tuesday, 15 March 2022 12:03 PM

ඇමරිකාව ට පුළුවන් යුක්රේනය ට උදවු කරන්න . චීනය ට බැහැ රුසියාව ට උදව් කරන්න . මෙන්න සර්ව බලධාරියාගේ සාධාරණ තීන්දුව .

:       0       0

hesa Tuesday, 15 March 2022 12:09 PM

චීන/රුසියා එකතු උනොත් අමෙරිකාවට ටිකක් අමාරු වෙයි..ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 175 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1694 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site