IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවට ප්‍රබල සුළි කුණාටුවක්

‘ඉර්මා‘ නම් ප්‍රබල සුළි කුණාටුව කැරිබියන් දූපත් සහ ඇමරිකාවේ ෆ්ලොරීඩා වෙතට ආසන්න වෙමින් පැවතීම නිසා එම ප්‍රදේශ වල ජනතාවට කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා ගමන්කරන ලෙස දැනුම් දි ඇතැයි වාර්තා වේ.

පැයට කිලෝමීටර් 300ක වේගයෙන් යුත් මාරාන්තික සුළං තත්ත්වයක් සහ අධික වැසි තත්වයක් බලාපොරොත්තු වියහැකි බව සුළි කුණාටු සම්බන්ධ ඇමරිකානු ජාතික මධ්‍යස්ථානය අනතුරු අඟවා ඇත.

මෙය පස්වන වර්ගයේ එනම් ප්‍රබලත්වයෙන් වැඩිම සුළි කුණාටුවක් ලෙස හඳුන්වා ඇති අතර අවුරුදු දහයකින් පසු ඇතිවන ප්‍රබලම සුළි කුණාටුවක් වනු ඇතැයි ද පැවසේ.

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ෆ්ලොරීඩා ප්‍රාන්තය, පෝර්ටෝ රිකෝ සහ ඇමරිකානු වර්ජින් දූපත් වෙත හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර සියලුම ගුවන්තොටුපොළ වසා දැමීමට පියවර ගෙන තිබේ.

ආහාර, ජලය සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ජනතාව වෙළෙඳසැල්වල පෝලිම් ගැසී සිටින බව මාධ්‍ය වාර්තා කරයි. කුණාටුවේ බලපෑමට ලක්වනු ඇතැයි විශ්වාස කරන හයිටි සහ බහමාස් දූපත්වල ජනතාවට ද ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.

(ඩේලි මේල් ඇසුරිණි - 085)



අදහස් (0)

ඇමෙරිකාවට ප්‍රබල සුළි කුණාටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2369 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site