IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඇමෙරිකාවට නව චීන තානාපතිවරයෙක්

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර නව චීන තානාපති ලෙස චීන ජනාධිපති ෂී ජිංපින්ගේ සමීපතමයකු වන කිං ගැංග් පත්කර ඇති බවත්, කිං ගැංග් ඊයේ (28) සිය රාජකාරි ආරම්භ කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

ආර්ථික, වෙළෙඳ සහ දේශපාලනික වශයෙන් ඇමෙරිකාවත් චීනයත් අතර අර්බුද රැසක් නිර්මාණය වී තිබේ. එම අර්බුද විසඳීම කෙරෙහි, ඒවාට සාර්ථකව මුහුණ දීමට 'සුදුස්සා' කිං ගැංග් යැයි චීන ජනාධිපතිවරයාගේ විශ්වාස යැයි පැවැසෙයි.

කිං ගැංග් චීන විදේශ අමත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වසර ගණනාවක් රාජකාරි කර ඇත. නව තානාපති ලෙස කිං ගැංග් පත් කිරීමත් සමඟ ඇමෙරිකා චීන සබඳතා යළි යථා තත්ත්වයට පත් වනු ඇතැයි ඇමෙරිකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

චීනයත් ඇමෙරිකාවත් අතර අර්බුද නිර්මාණය වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරය හොබද්දීය. චීනය ඇමෙරිකානුවන්ගේ රැකියා අවස්ථා උදුරා ගන්නා බවට දිගින් දිගටම චෝදනා කරමින් ට්‍රම්ප් චීනයට තීරු බදු පැනැවූ අතර, චීනය පෙරළා ඇමෙරිකාවට තීරු බදු පැනැවීය. ඒ සමඟ ඇමෙරිකාවත් චීනයත් අතර 'වෙළෙඳ යුද්ධයක්' නිර්මාණය විය.

එම වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙද්දී, 'කොවිඩ් 19' වසංගතය ඊට හරස් විය. ඒ අනුව, වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකාවත් චීනයත් අතර මත ගැටුම් අවසන් නොවිණි.

වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, චීනය සමඟ යහපත් සබඳතා පවත්වනු ඇතැයි විශ්වාස කළත්, බයිඩන් ට්‍රම්ප්ට වඩා චීනය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරන බව පෙනෙයි. ඇමෙරිකා චීන ආර්ථික අර්බුද කඩිනමින් විසඳා ගැනීම කළ යුතු බවත්, එසේ නොවුණොත් 'කොවිඩ් 19' වසංගතය මැද, ගෝලීය ආර්ථිකයට එය දරුණු ලෙස බලපෑම් ඇති කරනු බවත් ජගත් ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

(රොයිටර්)

 



අදහස් (0)

ඇමෙරිකාවට නව චීන තානාපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site