IMG-LOGO

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ස්වයං නිරෝධායනයට

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ආසාදිත අයකු ඇසුරු කළ බව දැනගත් විගස රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පී.සී.ආර්. පරීක්ෂණයකට ද යොමු කර තිබෙන අතර එහිදි ඔහුට වයිරසය ආසාදනය වී නැතැයි තහවුරු වී තිබේ.

“රාජ්‍ය ලේකම්වරයා කොවිඩ්-19 ආසාදිතයකු ආශ්‍රය කර ඇතැයි දැනගන්නට ලැබී තිබෙනවා. පෞද්ගලික හේතු මත එම පුද්ගලයාගේ අනන්‍යතාව ප්‍රසිද්ධ කරන්නේ   නැහැ” යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවැසීය.
“රාජ්‍ය ලේකම්වරයා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළා. එයින් ඔහුට වයිරස ආසාදනය වී නැති බව (නෙගටිව්) තහවුරු වුණා. රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශ අනුව ඔහු ස්වයං-නිරෝධායනයට යොමු කළා. දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කණ්ඩායම සමීපව, රාජ්‍ය ලේකම්වරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනවා” යැයි ද එම ප්‍රකාශකයා කීය.

රාජ්‍ය ලේකම්වරයා ආසාදිත රෝගියා ආශ්‍රය කළේ කෙසේ ද හෝ රාජ්‍ය ලේකම්වරයා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ ද යනාදිය සම්බන්ධයෙන් කළ විමසීම්වලට රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රතිචාර නොදැක්වූ බව ද ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් බදාදා (17) පැවැති කැබිනට් හමුවට රාජ්‍ය ලේකම්වරයා සහභාගී වී නැතැයි ධවල මන්දිරයේ නිලධාරියෙක් පැවැසීය.

රාජ්‍ය ලේකම්වරයා ස්වයං-නිරෝධායනයට යොමු කිරීමත් සමඟ වොෂින්ටන් නුවර සිටින විදේශ දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක් ද අවලංගු කර තිබේ.
මේ අතර රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ උපදෙස් හා නොතකමින් විශාල පිරිසක් සහභාගී වන උත්සව සංවිධානය කිරීම හේතුවෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වී තිබේ. විශාල පිරිසක් සහභාගී වන උත්සව වයිරස ව්‍යාප්තියට බලපාන “ඉහළ අවදානමක්” ඇති ඉසවු යනුවෙන් නම් කර තිබේ.

වොෂින්ටනයේදී
රොයිටර්
 
055

 



අදහස් (0)

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site