IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජනවාරියේ යුක්රේනයේ සංචාරයක

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ජනවාරි මාසයේදී යුක්රේනයේ සංචාරයක නිරත වීමට නියමිතය.

යුක්රේනයට ද සම්බන්ධ හේතුවක් මුල් කරගනිමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත වී තිබෙන මොහොතක රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කළේය.

යුක්රේනයට අමතරව රාජ්‍ය ලේකම්වරයා බෙලරූස්, කසක්ස්තාන්, උස්බෙකිස්තාන් සහ සයිප්‍රසය යන රටවල ද සංචාරය කිරීමට නියමිතය.

මෙම සංචාරයේදී මයික් පොම්පෙඕ යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි මුණ ගැසීමට ද නියමිත බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා මෝර්ගන් ඕටගස් සඳහන් කළාය.

මේ වසර මුලදී දෙරටේ නායකයන් අතර ඇති වූ මතභේදාත්මක දුරකතන ඇමතුමෙන් පසු යුක්රේනයේ සංචාරයක නිරත වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ ද මයික් පොම්පෙඕය.
 
ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝගයට එක් හේතුවක් වූයේ ද ඔහු සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර ඇති වූ එම මතභේදාත්මක දුරකතන ඇමතුමය.

ඒ.එෆ්.පී. 
 
 
055



අදහස් (1)

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජනවාරියේ යුක්රේනයේ සංචාරයක

රවින් Tuesday, 31 December 2019 01:23 AM

තවත් දුසාර පන්දු වාරයක ආරම්භයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 587 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site