
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ හමුවක් පැවැත්විණි.
එම හමුවේදී ඇමෙරිකාව සහ ඉන්දියා අතර පවතින මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීමට හැකිවුණු බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුව පැවැත් වූ මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.
ආසියානු කලාපයේ තම සමීපතම මිතුරා ඉන්දියාව බවත්, ඇමෙරිකාවේ කුමන පක්ෂයක් බලයට පත්වුවත්, ඉන්දියාව සමඟ පවතින යහපත් සබඳතා අඩු නොවන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් වෙනුවෙන්, රාජ්‍ය ලේකම් බ්ලින්කන් අග්‍රාමාත්‍ය මෝදි හමුවේ අවධාරණය කළේය.
ඇමෙරිකාවට සෑමවිටම ඉන්දියාවේ සහාය හිමිවන බව ද අග්‍රාමාත්‍ය මෝදි, ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාට පිළිතුරු දෙමින් පවසා තිබේ.
'කොවිඩ් 19' වයිරසයට එරෙහිව, ඉන්දියාව ආරම්භ කළ එන්නත්කරණ වැඩසටහනට, ඇමෙරිකන් ඩොලර් මිලියන 25 ක මුදල් ආධාර ලබා දෙන බව, රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවෙමින් පැවැසූ බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකාව මෙම ආධාර මුදල ලබා දෙන්නේ, ඉන්දියාවේ දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීමට, ඉන්දියාවේ එන්නත් නිෂ්පාදන කටයුතු වැඩි දියුණු කිරීමට, කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සහ එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය වැසියන් නිවැරදි ලෙස දැනුවත් කිරීමට සහ ඉන්දීය සෞඛ්‍ය නිලධාරීන්ට මනා පුහුණුවක් ලබා දීමේ අරමුණින්ය.
ඇන්තනි බ්ලින්කන් ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ලෙස ඉන්දියාවට පැමිනි පළමු අවස්ථාව මෙයයි. ඔහු ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ද හමුවී කලාපීය අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
කලාපයට තර්ජනයක් වී ඇති චීනයේ හිතුවක්කාරකම් සහ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය පසු ඇෆ්ගනිස්තානයේ අනාගතය සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා අතරේත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අතරේත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් අගමැති මෝදි හමුවෙයි